Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

ඩොක්ටර් ආයුබෝවන්. මම පේශන් කෙනෙක්. මට fibroid 2ක් තියෙනවා. මම ඩොක්ටර් ගාවට ආවා. ඩොක්ටර් කිව්වා ඔපරේෂන් කරන්න ඕන කියලා. ඩොක්ටර් මේ තත්ත්වය එක්ක ඔපරේෂන් කරන්න පුළුවන් ද?

පිළිතුර

පුළුවන්. දැනට අත්‍යවශ්‍ය සැත්කම් කිසිම බාධාවකින් තොරව සිදු කරනව

Ka*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor ,babala hadann kalin folic acid bonna onada.

පිළිතුර

ඔව්. දරු පිළිසිඳ ගැනීම අපේක්ෂා කරන කාලයේ සිට ගර්භණී කාලය දක්වා ෆෝලික් අම්ලය ගැනීම අවශ්‍යයි. එමගින් දරුවාගේ මොලය සහ සුසුම්නාව ආශ්‍රිතව ඇතිවිය ඇති අසාමාන්‍ය තත්වයන් වලක්වා ගන්න පුළුවන්.

Di*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

o negative blood group eka mage tyenne.deweni baba hadanna eka prashnayak weida.husbandge o+.රෝගම් dunnama deweni baba hadanna puluwanda.

පිළිතුර

මේ නිසා සංකූලතා සුුුුළු අවදානමක් තිබෙන්නෙ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. නැවත ගැබ් ගැනීමට ගැටළුවක් නැහැ.

Di*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

කන්‍යා පටලය බිදීයාම වූවිට රුදිරය අනිවාරයෙන් පිටවේද? කන්‍යා පටලය බිදුනු පසුඑය දැනගන්නේ කෙසේද?

පිළිතුර

නැහැ. මේ පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න.https://www.vog.lk/182-hymen-virginity.php

Dh*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Femilion tablet ekata daruwan labeema late wenawada?

පිළිතුර

උපත් පාලන පෙති වර්ග ලබා ගන්නා කාලය තුල දරු පිළිසිඳ ගැනීම වැලකෙන අතර එය නතර කල පසු ඊලඟ මාසයේ සිටම නැවත දරු පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකියි. උපත් පාලන පෙති නිසා මදසරු බව ඇති වෙන්නෙ නැහැ.

Ay*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama marry karala awrudu 3k wenawa. Daruwek balaporoththuwen inne. Mata mensas wela dina 14kin podi le wahanak una... Nawatha dinakata pasuwa eita wada tikak wadiyen le waha…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. නමුත් ඔබට වසර තුනක්ම දරු පිළිසිඳ ගැනීම පමාවී ඇති නිසා ඒ පිළිබඳ සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor ,මම විවාහකයි.මගෙ ගැටලුව ඔසප් වී දින 14 වන දින හෝ 15 දින දැඩි වේදනාවක් ඇතිවීමයි..එය ඔසප් වීමේදි ඇතිවන වේදනාවට වඩා වැඩි...එය අසනීපයක්ද??ප්‍රතිකාර කල යුතුද??

පිළිතුර

සමහරවිට ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් පිටවෙන අවස්තාවේ මෙවැනි වේදනාවක් ඇති වෙනව. මේ තත්වය දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Bh*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

මට මාස 9 ක දරුවෙක් සිටිනවා.2019.07.12 සිසේරියන් සැක්කමින් දරුවා ලැබුනේ,දැන් දෙවනිදරුවෙක් පිලිසිද ගැනීම සිදුවුනාට කමක් නැද්ද, ගැටලු තිබේද , නිවුන් දරුවන් සදාගැනීම සදහා ්‍ප්‍රරතික…

පිළිතුර

සිසේරියන් සැත්කමකින් පසු නැවත ගැබ් ගැනීමට වසරක් පමන සිටීම වඩාත් සුදුසුයි. නිවුන් දරුවන් සදාගැනීමට ප්‍රතිකාර නිර්දේශ කරන්නෙ නැහැ.

හි*** · වයස 25
පිළිතුර කියවන්න