VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor , මම මැරි කරලා දැනට අවු.2ක් වෙනවා.ඒත් අපිට තාම බබාලා නෑ.මට මෙන්සස් හැදුනම දවස් 7 ක් විතර තියෙනවා .එක මාසෙක දවස් 28 තිබුණා.ඒත් දැන් දවස් 3,4 තමයි තියෙන්නේ.අපි මැරි කරන්න කලි…
ඔව්. මේ ගැන වැඩි දුර පරීක්ෂා කර බැලීම අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor,ඔසප් වීමට පෙර ගැබ් ගැනීමේ ලක්ෂණ මොනවාද
ඔසප් වීමට පෙර ගැබ් ගැනීමේ ලක්ෂණ දක්නට ලැබෙන්නෙ නැහැ. අන්තර්ජාලයේ පලවෙන ව්යාජ තොරතුරු වලට රැවටෙන්න එපා. ඔබට ඔසප් වීමට නියමිත දිනය පසුවූ වහාම පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇති දැයි සොයා බලන්න පුළුවන්.
අනේ ඩොක්ටර් මං අවුරුදු 23 කෙනෙක්. මං බැදලා මාස 5යි. අපි එන්ගේජ් වෙලා වෙන වෙනම තාම ඉන්නෙ ඒත් අපි ලිංගිකව හැසිරෙනවා මගේ ප්රශ්නෙ මං මලපහ කරන්න ගිහින් එක දිගට ටික වෙලවක් වාඩි වෙලා හිට…
මෙය ගර්භාෂය පහත්වීමේ ලක්ෂණයක් නොවෙයි. දිගටම මේ තත්වය පවතීනම් විෂබීජ ආසාදනයක් වැනි හේතුවක් ඇතිදැයි සොයා බැලීමට වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
කන්නයා පටලය තිබෙද යන්න බලා ගන්නෙ කෙසෙද,එය බලාගන්න පුලුවන්ද ?
කන්යා පටලය ගැන වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න. https://www.vog.lk/182-hymen-virginity.php
මට මීට අවුරුදු 2කට පෙර පිටත ගැබ් ගැනීමක් හේතුවෙන් වම් පැලෝපීය නාලය ඉවත් නොකර කලලය පමනක් ඉවත් කල අයෙක්..මට ටික දිනයක සිට යටි බඩෙ වම් පැත්තෙන් විටින් විට එක පාරට එන වේදනාවක් තියෙන්වා…
ඔව්. වේදනාව දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
සංසර්ගයේදි ඇතුල් කරන ශුක්රාණු වලින් බොහොමයක් නැවත එලියට ඒම රෝගි තත්ත්වයක් ද
නැහැ. මෙය සාමාන්ය තත්වයක්.
mama aurudu 20ka ganu lamayek mata kalin affair ekak thibuna ehidi api lingikawa ekwimak sidukale naa namith yoni margaya thulata agillak dama thibenawa mehidi kanyapatalayata kuma…
කන්යා භාවය සහ කන්යා පටලය පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. කන්යා පටලය ගැන ඇත්ත දැන ගන්න.
කන්යා බාවය තිබියදී ශුක්රාණු තැවරුනද ගැබ් ග්ණීමක් සිදුවිය හැකිද
ගැබ් ගැනීමට අවශ්ය අවශ්ය වෙන්නෙ කුමන හෝ ආකාරයකින් යෝනි මාර්ගය හරහා ශුක්රාණු ගර්භාෂයට ඇතුළු වීම පමණයි. මෙයට කන්යා පටලය සම්බන්ධ නැහැ.