Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

අනේ ඩොක්ටර් මං අවුරුදු 23 කෙනෙක්. මං බැදලා මාස 5යි. අපි එන්ගේජ් වෙලා වෙන වෙනම තාම ඉන්නෙ ඒත් අපි ලිංගිකව හැසිරෙනවා මගේ ප්‍රශ්නෙ මං මලපහ කරන්න ගිහින් එක දිගට ටික වෙලවක් වාඩි වෙලා හිටියොත් මට දිගටම බින්දු දෙක තුන මුත්‍රා යනවා. ආපහු වැසිකිලියෙන් එලියට ආ විට ටිකක් වෙලා ය්නකොට් මුත්‍රා බර වෙනවා... මේ විඩියට පස් හය සැරයක්ම මුත්‍රා ටික ටික පිට වෙනවා ඒ හැම වාරෙකම් මුත්‍රා හරියට පිට වෙලා නෑ වගේ දැනෙනවා. මලපහ කරන්න නොගියත් රෑටත් මේ දේ මෙහෙමම වෙනවා හරියට මුත්‍රා පිට වී නැති බව දැනෙනවා. හැබැයි ඉබේ පිටවෙන්නෙ නැහැ ඒත් ඒක මගේ හිතට කරදරයක් ඩොක්ටර් මම දැක්කා රූපවාහිනී වැඩසටහනක ඔබ තුමා මේ බව සදහන් කරනවා. ගර්භාශය පහත් වීම නිසා මේ දේ වෙනවා කිය්ලා... තවම අවුරුදු 23ක් වෙන මගේ බබෙක් වත් නැතුව ගර්භාශය පහත් වෙන්න පුලුවන්ද ඩොක්‍ටර්... අනේ එහෙම ගර්භාශය පහත් වෙලා ඇති නම් මට බබාලා හදන්න බැරිවෙයිද ඩොක්‍ට. මං හුගක් බයෙන් ඉන්නෙ මට දරුවෙකු හදන්න බැරි වෙයි කියලයි අනේ ඩොක්ට මට මෙයට පිලිතුරක් ලබා දෙන්න.

අසන ලද්දේ: An*** · වයස 23 · 2128 views

පිළිතුර

මෙය ගර්භාෂය පහත්වීමේ ලක්ෂණයක් නොවෙයි. දිගටම මේ තත්වය පවතීනම් විෂබීජ ආසාදනයක් වැනි හේතුවක් ඇතිදැයි සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.