නම: දි *** | වයස: 28
වෛද්‍ය තුමනි මා විවාහ වී වසර දෙකකි. මාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් නොමැත. මා අවසාන වරට ඔසප් වුයේ පෙබරවාරි මස 8 වෙනිදා ය. එසේම මා ගැබ් ගෙන නොමැත . මා කුමක් කල යුතුද?
පිළිතුර

මාස තුනකට වඩා ඔසප්වීම ප්‍රමාද වී ඇති නිසා මේ සඳහා ප්‍රතිකාර ගැනීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Su *** | වයස: 24
Doctor danata mama sathi 17ka gabiniyak.namuth thawama mata babawa danenne nahane.ehema wenne mokads dr
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. සමහරවිට බබා දැඟලීම දැනෙන්න සති 20ක් පමණ ගතවෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 23
Dr.mama mensas wenna oni may 7.urin ekak chek kalama eka positive.eth ada rudiraya tikak giya.ane dr.mage daruwata mukuth welada ehema une.ai ehema deyak une.?ane plz dr.ikmanata kiyanna.
පිළිතුර

ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුගැබට සාමාන්‍ය ලෙස පවතීදැයි පරීක්ෂා කරවා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ga *** | වයස: 26
sir,mata mulinma 2016 August wala 6weeks waling missed miscarriage 1k unane.ayema 2016 OCt wala mama Conceive una. but mata poddak bleeding thibuna.E babawa19 week walin nethi una. Dan maasa 2i.ayeth pregnant wenna kalayak sitiya uthuda?newatha conceive wenna kalin vog sir kenekge upades gatha uthuda? melesa misscarrige wenna hethuwa kumakda?geb gelata mehumak demimen meya palanaya weda?
පිළිතුර

නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. කලින් ගබ්සාවීමට හේතුව ගැබ් ගෙල දුර්වලතාවයක් නම් මැහුමක් යෙදීමෙන් නැවත එසේ වීමේ අවදානම තරමක් දුරට අඩු කර ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: වස *** | වයස: 32
මට අවසන් වරට මෙන්සස් හැදුනේ අප්‍රේල් මස 9 වෙනිදා. නමුත් මෙම මස දින 7 ක් පසු වුනත් තාමත් හැදුනේ නැහැ. මා කිරි දෙන මවකි. දරුවාගේ වයස අවු 1 මාස 3. මා පවුල් සැලසුම් ක්‍රමද අනුගමනය කරමි. (කොන්ඩම්) මෙය සාමාන්‍ය දෙයක්ද? නැතිනම් දරු පිළිසිද ගැනීමක්ද? නැවත ඉදිරි මසයේ මෙන්සස් ආරම්භ වෙයිද? ස්තුතියි.
පිළිතුර

ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂණයක් මගින් පරීක්ෂා කර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]