VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctre Pregnant wela masa 3 karana mutha pareekshanayedi aka kola pata unoth aken adahas wenne kokadda
මුත්රාවල සීනි පරීක්ෂා කිරීම විශ්වාසදායී පරීක්ෂණයක් නොවෙයි. රුධිර සීනි පරීක්ෂණයක් වෛද්ය උපදෙස් අනුව සිදුකර ගන්න.
Dr mama danata pregnant eth mata morning sickness wath kisima deyak danene na eka normal deyakda doctor
ඔව්. මෙය සාමාන්ය තත්වයක්. හැමෝටම එකම විදියට රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ.
Doctor...pregnent amma kenekuge Hita gassunoth mokada wenne...baba dagalanawa num pasnayak Nh nehda..
නැහැ. සැකයක් ඇති නම් බබාගේ හෘද ස්පන්දනය සාමාන්ය දැයි වෛද්ය වරයා හෝ පවුල් සෞඛ්ය සේවිකාව හමුවී පරීක්ෂා කරවා ගන්න.
mata abotion ekak una dawas kiyak rest karanna onada?aye babek hadanna kopamana kalayak enna onada?aye conceive unoth awadanamak tiyenawada?wash karala staircase naginna hoda nedda…
ඔබට අපහසුතාවයක් නොමැති නම් විවේක ගැනීමට අවශ්ය නැහැ. නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. ගැබ් ගැනීමෙන් පසු මේ නිසා අවදානමක් නැහැ.
වෛද්යතුමනි,මට පොලිසිස්ටික් රෝගය තියෙනවා.ප්රතිකාර ලබා ගන්නවා.අවුරැද්දක් විතර ඉඳලා මාගේ මුහුනේ අධික ලෙස කුරැලෑ තියෙනවා ඒවා වේදනාවද වැඩි.මට දැනගන්න පුලුවන්ද ඒ කුරැලෑ තත්වයන් සුව කරන…
මේ සඳහා ඖෂධ ප්රතිකාර ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Sir,mage 1st pregnancy eka ectopic ekak.surgery eken left tube eka ain Kara. Surgery eka kale 22nd february.Min idiriyata mage Saru kalaya danaganne keseda..newathath ectopic thahw…
මෙම සැත්කම නිසා සරු කාලය වෙනස් වෙන්නෙ නැහැ. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. නැවතත් එසේ වීමට සුළු අවදානමක් තිබෙනව.
Doctor mama danata viwaha wela masa 6k wenawa. mama nawika hamudawe sewayakarana nisa api dedenata nitara lingikawa ekathu wimata awasthawak nehe. Eth wathawan 3k 4k withara birida…
ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි මුලින් පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඉන් පසු දරු පිළිසිඳ ගැනීම ඉක්මන් කර ගැනීමට වෛද්ය උපදෙස් අනුව සුදුසු ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
Doctor mama marry karala aurudu 2k wenawa.dan man masa 7k wana gebini mawak.masa 5k wenakan mama kisima vitamin wargayak ho aushada wargayak use kare ne.eka daruwage wardanayata ge…
නැහැ. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.