VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
මම දැන් බැදලා අවු 1ක් වෙනවා මට තම බාබාල නෑ මට ඇයි කියලා දැන ගන්න පුලුවන්ද .
සාමාන්ය යෙන් ඔබේ වයසේ කාන්තාවන් ගෙන් 15%කට පමන වසරකට පසුත් දරුඵල නැති වෙන්න පුළුවන්. මින් 1/3කට හේතුව කාන්තාවගේ ප්රශ්නයක්. තවත් 1/3කට පුරුෂයාගේ යම් ප්රශ්නයක් නිසා දරුළුල නැති වෙනව. ඉතිරි 1/3කට හේතුවක් හොයා ගන්න අපහසුයි. ඔබට දරුළුල පමා වීමට හේතුව සොයා ප්රති…
Mama levo_thyroxine (T4/cox/Thyronorm)75ug gannawa maasa 9 k thisse. Mama babek heduvoth aka babage molaye vedimata balapanawada. Babek hadanna puluwanda. Akata monada karanna ona.…
තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු නිසයි ඔබට එම ඖෂධය නිර්දේශ කර තිබෙන්නේ. මෙය දිගටම පාවිච්චි කල යුතුයි. තයිරොයිඩ් හෝමෝන මට්ටම වරින් වර පරීක්ෂා කරවාගෙන ඊට අනුකූලව ඖෂධ මාත්රාව වෙනස් කිරීම අවශ්යයි. එමගින් දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් ඇති වන්නේ නැහැ. ගර්භණී කාලයේදීත් දිගට…
Mama maasa 9k tisse thyroid walata beth gannawa. Jeevitha kaaletama ganna venawa kiyalath kiuwa.meeta auruddakata kalin babek lebenna idala maasa 3n nethi una. Mata babek hadanna p…
ඔබට තිබෙන්නේ තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩුවීමක්ද වැඩිවීමක් ද යන කරුන මත ප්රතිකාර වෙනස් වෙනව. කුමන තත්වයක් වුවත් නිසි ලෙස පාලනය කිරීමෙන් පසු, එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නෙ නැහැ. මදසරු බව පිළිබඳ සායනයකට ගොස් උපදෙස් ලබා ගන්න.
Mam 30 weeks pregnant mage ppbs level 165 insulin avashyamada
ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම වැඩියි. මෙය ප්රතිකාර අවශ්ය තත්වයක්. ප්රධාන ආහාර වේලකට පැය දෙකකට පසුව රුධිර සීනි මට්ටම 120ට වඩා අඩුවෙන් තබාගැනීම තමයි නිර්දේශ කරන්නේ. ඔබට ඒ සඳහා ඖෂධ ලබා ගැනීමට සිදුවේවි. ඉන්සියුලින් මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම පහසුයි. ඔබ…
sperm count aka wedikaragana /quality wedikaraganna beheth thiyanawada a monawada
මේ සඳහා මිල අධික විටමින සහ supplements වර්ග භාවිතා කරන නමුත් ඒවායින් සැලකිය යුතු ප්රතිඵලයක් ලැබෙන්නෙ නැහැ. ඊට වඩා IUI වැනි ප්රතිකාර ක්රමයකට යෙමු වීම සුදුසුයි.
I'm unmarried. Masika osap wima kramawath kara genimata mithuri kaha peti 5k masikawa bawithaya sudusuda?
නැහැ. එලෙස හෝමෝන පෙති භාවිතය සුදුසු නැහැ. ඔබ අවිවාහක නම් මාසික ඔසප්වීම ක්රමානුකූලව සිදුනොවීමෙන් ඔබට කිසිම හානියක් වන්නේ නැහැ. එම නිසා මෙය ප්රතිකාර ගත යුතු තත්වයක් නෙමයි. නමුත් ඔබට මාසික ඔසප් වීම ක්රමවත් කරගැනීමට අවශ්යම නම්, නිසි ලෙස මිතුරි පෙති එක දිගට සති…
sir,lingika ek vimakadi mage yoni margaya itama viyali swabavayk pawati.e karyaye yedima itama apahasui.mekata kumak kala yutuda?
බොහෝවිට මෙයට හේතුව වන්නේ ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය ප්රමානවත් නොවීම. ඒ ගැන ඔබේ සහකරු සමග කතා කරන්න. වෙලඳ පොලේ ලබා ගත හැකි KY gel වැනි ලිහිසි කාරක ජෙල් එකක් භාවිතා කිරීමෙන් වියලි ස්වභාවය අඩුකර ගත හැකියි. දිගින් දිගටම අපහසුතාවය පවතී නම් නාරිවේද වෛද්ය වරයෙක්…
Diabetic thiyana kanthawakata mandasaru weeme hakiyawa wadida?
ඔව්. නමුත් නිසි ප්රතිකාර ගෙන සාර්ථකව දියවැඩියාව පාලනය කිරීමෙන් මෙය වලකවාගත හැකියි. රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කර තබා ගන්න. ඊට අමතරව දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ගැන සැලකිලිමත්වී ඒවා අවම කරගැනීමෙන් සාර්ථක ප්රතිඵල ලබාගත හැකියි.