Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor lingikawa ekathu vima nisa gebgela open vime awadanamak tyeda..

පිළිතුර

නැහැ.

ge*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor geb gela open wenawa kiynne mokakda.. ehema wenne babyta sati kiyedida.. ita kalin ehema vime awadanamak tyenne monawage hetu nisada..

පිළිතුර

සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුවීමට නම් වැසී තිබෙන ගැබ් ගෙල විවර විය යුතුයි. මෙය සිදු වෙන්නේ ප්‍රසූතියට ආසන්න වන විට. බොහෝවිට ප්‍රසූත වේදනා ඇතිවීමත් සමගයි. කලාතුරකින් නියමිත දින වලට පෙර ගැබ් ගෙල විවරවී නොමේරූ දරුවන් බිහිවන අවස්තා තිබෙනව. ගැබ් ගෙලේ සිදු කරන ලද ශල…

pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,mage girl friend ekka mama idala sansargaya kare na.eth mge shukranu pitawela eyage lingendraye pitatha gawuna.Last menses une july 18.api denna ekata hitiye 6 wenida.adata…

පිළිතුර

මෙවැන් අවස්ථාවක ගැබ් ගැනීමේ සුළු හැකියාවක් තිබෙනව. එසේ ගැබ් ගෙන ඇති නම් එය වලක්වා ගන්නට දැන කල හැකි කිසිවක් නැහැ. තව දින කිහිපයකින් ඔසප්වීම සිදු නොවේ නම් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න‍

Bh*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man dan sati 36ka gabiniyak..maa dinapatha suwayan windanaya karanna purudu wee sitiya e nsa babata eken gataluwak weida issarahata

පිළිතුර

නැහැ. මෙය දරුගැබට හානිකර වෙන්නේ නැහැ.

Sa*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

DR. mama danata masa 10kata kalin pregnant wela idala masa 2n bleed una.ita passe injection dunna.masa 3n withara baba nathiwela kiyala wash kala.dan docter mata babek hadaganna on…

පිළිතුර

උපත් පාලනය කිරීම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් Letov වැනි ඩිමබ කෝෂ උත්කේජනය කරන ඖෂධ ලබා දෙන්නේ ඔසප්වීමෙන් පසු මුල් දින කිහිපයේදී. ඉන් අනතුරුව එහි ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී නිර්දේශ කරන ආකාරයට ඖෂධ ලබා ගන්න.

ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mm pregnant wela sathi 6kin aborstion una.mm work krnn nisa dawasata paya 3k withra dura yanawa bus eke ekath hethwak wenn puluwanda? Nathnam body temperature ekath balapanawad…

පිළිතුර

ගබ්සාවකින් පසු නැවත පිළිසිඳ ගැනීම පමාකිරීමට අවශ්‍ය නැහැ. ගමන් කිරීම හෝ මහන්සි වීම ගබ්සාවන්ට හේතු වෙන්නේ නැහැ. උණ රෝගය පාලනය නොකර ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහල යාම නිසා දරුගැබට හානිවීමට ඉඩකඩ තිබෙන නමුත් පරිසර උෂ්ණත්වය ඉහල යාම මෙයට බලපාන්නේ නැහැ.

Mi*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Garbani kalaye yoni pradeshaya thetwa tibima samanya deyakda doctor.. suda yama kiyanne ekada..

පිළිතුර

ගර්භණී කාලයේ හෝමෝන ක්‍රියා කාරිත්වය නිසා යෝනි මාර්ගයට රුධිර සැපයුම වැඩි වෙනව. එය යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් පිට වන ස්‍රාව ප්‍රමාණය වැඩිවීමට හේතු වෙනව. මෙය සාමාන්‍ය දෙයක්

Na*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mage putha lebune mata සිසේරියන් සැත්කමකින්.den awuruddak wenawa.namuth mage konde wedanawak thawamath thiyenawa doctor. Ekata hethuwak thiyeida doctor.beheth gatha uthuda..

පිළිතුර

බොහෝවිට මෙම වේදනාව සැත්කමට සම්බන්ධ නොවෙන්න පුළුවන්. කාලාතුරකින් සැත්කමේ හෝ නිර්වින්දනයේ සංකූලතා නිසා කොන්දේ වේදනාවක් ඇතිවිය හැකියි. වෛද්‍ය වරෙයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Ac*** · වයස 26
පිළිතුර කියවන්න