නම: pr*** | වයස: 25
ගැටළුව

Doctor geb gela open wenawa kiynne mokakda.. ehema wenne babyta sati kiyedida.. ita kalin ehema vime awadanamak tyenne monawage hetu nisada..

පිළිතුර


සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුවීමට නම් වැසී තිබෙන ගැබ් ගෙල විවර විය යුතුයි. මෙය සිදු වෙන්නේ ප්‍රසූතියට ආසන්න වන විට. බොහෝවිට ප්‍රසූත වේදනා ඇතිවීමත් සමගයි. කලාතුරකින් නියමිත දින වලට පෙර ගැබ් ගෙල විවරවී නොමේරූ දරුවන් බිහිවන අවස්තා තිබෙනව. ගැබ් ගෙලේ සිදු කරන ලද ශල්‍ය කර්ම, ගැබ් ගෙල ශක්තිමත් නොවීම වැනි හේතු මෙයට බලපානව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)