VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.letov 2.5mg beheth eka dina 5k bonna dunna.eka denne dimba morannada.emagin daru pilisidagenimakata awasthawak thiyenawada.
ඩිමබ මේරීම සාමාන්ය ලෙස සිදු නොවන කාන්තාවන්ට මෙම ඖෂධ මගින් ඩිම්බ මේරීම උත්තේජනය කල හැකියි. එවැනි තත්වයක් ඔබටත් ඇතිනම් මෙය උපකාරී වෙනව. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
doctor mn sati 13 ka pregnant amma kenek.iyey aday dekema mta malapaha pita wune kolapatata tkak watura wage.dawasata eka paray ynnet.wena danagnna kisima amaruwak na.vshesha kema…
දිගටම පවතීනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. විජලනයට ලක්වීම ගර්භණී මවකට එතරම් සුදුසු නැහැ.
magey garbashaya pahath weynswa a unata smarak welawata witrak pamanay.ekath prashnayakda ekata preytikarak ganna awashada
මෙය ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් නැති නම් ප්රතිකාර අවශ්ය වෙන්නේ නැහැ. අපහසුතාවයක් ඇතිවේනම් නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Mata baba lebila masa 8.. mama godak mahat wela.. enda endama mahat wenawa.. kalin ina 28 tibune den 38 wela.. mita hethuwa kumakda doctor..
ගර්භණී කාලයේ සහ මවු කිරි දීමේදී වෙනස්වන ආහාර පුරුදු දිගටම පැවතීම නිසයි මෙය සිදුවෙන්නේ. ඊට අමතරව සමහර හෝමෝන අඩංගු උපත් පාලන ක්රම නිසාත් ශරීරයේ බර පාලනය කිරීම අපහසු වෙනව. නිතිපතා ව්යායාම වල යෙදී ආහාර පාලනය කිරීම මගින් මේ තත්වය මගහරවා ගත හැකියි.
Dr PCOS thawawaya test kalarana blood test eka karanne periods hadila kisiyam dawasak tiyanawada? Naththam onama dawasaka kala hakida
PCOS hadunageneemata karana blood test eka oneema dinayaka kala heka. Namuth PCOS nisa obe dimba pitaweema sidu noweda kiya dena geneemata period siduwee dina 21kin blood test ekak kala yuthuya.
Docter mage baba sathi 6n beheth walin ain kala.mata aye babek hadanna eelanga mase mensas hedunain pasuwa puluwanda.saru dimbayak nipada wenne masa 3ta wathawakda
සෑම මසකම සරු ඩිම්බයක් නිකුත්වීමේ හැකියාව තිබෙනව. ඊලඟ වර ඔසප් වීමෙන් පසුව නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි
dr babek sadimata thibena prathikara monawada ewata yana mudal kopamanada
ඔබට සුදුසු ප්රතිකාර ක්රමය තීරණය කල හැකි වෙන්නේ වැඩිදුර විස්තර විමසා පරීක්ෂණ කිරීමෙන් අනතුරුවයි. ඒ ගැන වැඩි විස්තර මෙම ලිපියෙන් දැන ගන්න. එම ප්රතිකාර ක්රමය අනුව වියදම් වෙනස් වෙනව. මේ පිළිබඳ ඔබ ප්රතිකාර ලබා ගන්නා නාරිවේද විශේෂඥ වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න.
Man pregnant. Dan 30 weeks. Iye dawasema papuwa davillai. Ada mage papuwa hira karanava vage. Godak amarui. Danma doctor gavat yanna one da? Natthan danat sudusu piliyamak thibenav…
ගර්භාෂය විශාල වන විට මෙවැනි රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. වෛද්ය පරීක්ෂණයකින් තොරව ප්රතිකාර ලබා ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.