VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mage husband ge sperm count eka 0.02 .eka nisa lab ekakin aragena iui kala.dewani iui eka hari giya.eth right fallopiyan tube eke baba hitiye.tube eka ayn kala.aye iui 8 kala hari…
වාර 8කදීම IUI අසාර්ථක වූ නිසා නැවත IUI කිරීමට වඩා IVF/ICSI වෙත යොමුවීම සුදුසුයි. ඔබේ සැමියාගේ ශුක්රාණු පරීක්ෂණයක් නැවත සිදුකර IVF සඳහා ශුක්රාණු ඔහුගෙන් ලබා ගත හැකි දැයි තීරණය කල හැකියි.
Dr Mama sathi 36 ETH Dan lagakadi edala yorni margayen laa kaha pata liquid ekak anawa meya raatath galanawa Mata visadumak thiyeda mage doctor ta kiwama capcual ekak dunna ETH adu…
මෙය ආසාදනයක්දැයි පරික්ෂා කර බලා අවශ්යනම් පමණක් ප්රතිකාර කල යුතුයි. ඔබේ වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.
Doctor iui ekak kalata passe parissam wenna onada? Bed rest kalauthuda? Kama beemen parissam wenna onada kanna honda nathi kama thiyanawada? Thank u
නැහැ. සාමාන්ය එදිනෙදා වැඩ කටයුතුවල යෙදීම සුදුසුයි.
Dr IVF magin hadaganna daruwo saha samanya daruwan athara wenasak thibetha
නැහැ.
Dr. ma kuda kalaye patan yoni margayen sudu pata shrawayak pitawenawa.beheth gattada suwayak na.meya samanya thatwayakda.? vivaha vi masa 3. ikmanin daruweku sedimata balaporottu w…
සුදු පැහැති ස්රාවයක් පිටවීම සාමාන්ය දෙයක්. සමහරවිට දරුපිළිසිඳ ගැනීම මාස 3කට වඩා පමා වෙන්න පුළුවන්. ඔබ දෙදෙනාම නිරෝගී නම් දැනට මේ පිළිබඳ පරීක්ෂණ කිරීම අවශ්ය නැහැ.
Mn marry karala awruddak wenawa.mn upath palana pethi bonawa.mage wayasa 23 i.mage bara 40 kg wana athara mn etha kettui.eten mn danma mawak weemata sudusu nadda
පෝෂණය අඩුවීම දරුවාගේ වර්ධනයට බලපෑ හැකි නමුත් ගැබ් ගැනීමෙන් වැලකීම සිටීමට මෙය හේතුවක් නොවෙයි. ඔබේ ආහාර රටාව පිළිබඳ අවධානය යොමුකරන්න. අවශ්යනම් පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබා ගන්න.
Thanks doctor man veyangoda padinchi obathumage sayanaya koheda thibenne heki nam mata phone no denavada denata man saudiye enne lankavata dennama lagadi anava budu saranai
කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
Dr iui ivf prathikara sadaha kopamana mudalak wayaweda
මේ සඳහා රුපියල් ලක්ෂ 3 සිට 7 දක්වා ප්රමාණයක් වැය විය හැකියි. එය ඔබ තොරා ගන්නා වෛද කණ්ඩායම සහ ආයතනය අනුව වෙනස් වෙනව.