VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Metek dawas obata ewuwa prashna walata uttara dunnata thanks doctor dr mata mensuse hadune gita mase 16 dan dawas 28 eth doctor mata agata harims amaru nipples hariyata adum kanawa…
මෙම ලක්ෂණ ගැබ් ගැනිමක් නිසාදැයි හරියටම කියන්න අපහසුයි. දවස් 28ට පසු මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි. සමහර විට මුත්රා පොසිටිව් වෙන්න දින 35ක් පමණ ගත වෙන්න පුළුවන්
Dr.mage husbange sperm count eka adui kiyala letroloze usp 2.5 dawasata 1k ganna kiwwa.mekeo count eka wedi wenawada?meka gattata kamak nedda
මෙය අනුමත කල ප්රතිකාරයක් නොවෙයි. නමුත් සමහර වෛද්ය පර්යේෂණ මගින් මෙම ඖෂධය ටෙස්ටොස්ටෙරෝන් ප්රමාණය අඩු පිරිමි අයගේ ශුක්රාණු ප්රමාණය වැඩි කරන බවට සොයාගෙන තිබෙනව. නමුත් එම ප්රතිඵල තවදුරටත් තහවුරු විය යුතුයි.
Doctor mage baba dagalana eka adu wela.denennema nethi tharam.mata den 21weeks.babata prashnayakda.eya dagalnna patan gaththe 2septmber.plz help kranna doctor.mata bayai babagena
සති 28ක් පමණ වෙන තෙක් සමහර මව් වරුන්ට දරුවාගේ චලන හරිහැටි හඳුනා ගැනීමට නොහැකි වෙන අවස්ථා තිබෙනව. මේ ගැන කලබල වෙන්න අවශ්ය නැහැ. සති 28න් පසුව ඔබට බබා දැඟලීම අඩු බව දැනේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගත යුතුයි.
doctor masa 3ta passe babek nethi wela nan eka denaganna kochchra kal ynawada
ස්කෑන් පරීක්ෂණයක් කල වහාම දරුවාගේ තත්වය දැන ගැනීමට හැකියි.
doc mam 39 weeks pregnent dan.babage due date eka pahu unoth normal delivery wenna tiyeddi beheth danawa kiwa .e gana poddak pahadili karanna.monawada e beheth kohomada danne .moka…
මෙය ප්රොස්ටග්ලැන්ඩින් කියන ඖෂධය. යෝනි මාර්ගයෙන් ඇතුලත් කිරීමක් සිදු කරන්නේ. එමගින් ගැබ් ගෙල විවෘතවීම සහ ගර්භාෂය සංකෝචනය වීම සිදු වෙන්නේ. ඒ නිසා දරවාට පහලට පැමිණීමට හැකියාව ලැබෙනව.
Am 36 week pregnant woman I have little starch mark in stomach left side so if use oliv Olive provide to that have any risk for baby or not please
No. This does not cause any adverse effects on your baby.
Dr. Mata den 6week wenawa. Mata denaganna one mm vog kenekta pennanna one koi kaleda. Den giyata kamak nedda. Dr. Tawama mage udaraye wenasak siduvi ne. Udaraye vishalatvayak penna…
ඉක්මනින් වෛද්ය වරයෙකු හමුවීමෙන් යම් රෝග තත්වයක් ඇතිනම් එය කලින් හඳුනාගෙන ප්රතිකාර කිරීමට හැකියාව ලැබෙනව. කිසිම සංකූලතාවක් නැතිනම් සති 12දී පමණ නාරිවේද වෛද්ය වරයෙකු හමුවීම ප්රමාණවත්.
Daruweku labemata sitina mul sathi kepayehi suda yama thibema rogayaka lakshanayakda
නැහැ. ගර්භණී කාලයේ සාමාන්ය ප්රමාණයට වඩා යෝනි මාර්ගයෙන් ස්රාව පිටවීමක් සිදුවෙන්න පුළුවන්.