VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Meta mass 3 ta pera mage dimba kosha saha Grbashaya Evath kala dan muhune sama saha es yata kalu weemak pene mey sandaha prathikara gatha uthu akaraya pahadili Kara denna.
මේ සඳහා හෝමෝන ප්රතිකාර ලබා ගත යුතු වෙනව. ඔබේ වාර්තා පරීක්ෂාකර බැලීමෙන් පසුයි සුදුසු ඖෂධ නිර්දේශ කල හැකි වෙන්නේ.
Doctor..mage sathi 33 scan ekedi kiwa babata vathura madi kiyala..me gena prashnayak mama kalin obathumata yomu kala..me gena mid wife ta kiuwama eya kiuwa babava kalin ganivi ehen…
ඔව්. මෙම අගය අඩුයි. නමුත් නැවත පරීක්ෂා කර බැලීම අවශ්යයි. එහිදී ස්කෑන් පරීක්ෂණයේ ප්රතිඵල මත ඉදිරියට කලයුතුදේ තීරණය කරන්නේ. කලින් දරුවා බිහිකරීමට සාමාන්ය ලෙස උත්සාහ කල හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්ය වීමට ඉඩකඩ තිබෙනව.
Doctor,Man 27 weeks Pregnant.Mata high blood Pressure (150/90),Namuth shariraye idimimak,hisaradayk,eye penenime venask na.meya awadanam thatwayakda.(Doctor upades mata behet warag…
නැහැ. වරින් වර රුධිර පීඩනය පරීක්ෂා කරගෙන වෛද්ය උපදෙස් මත සායන වලට සහභාගි වෙන්න. අවදානම් තත්වයක් ඇතිවුවහොත් ඔබේ වෛද්ය වරයා දැනුම් දේවි.
Doc mage 2d miscarriage eka une oct 1.ita passe mata sep 13 period hedila 15 hoda una.doc mama den aphu babek heduwata kamak nedda?ehemanam hoda dawas monawada?plz answer me.tnq so…
නැවත පිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්ය නැහැ. සාමාන්ය පරිදි උත්සහ කර පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි. සරු කාලය මෙම වෙබ් පිටුවෙන් ගණනය කර ගන්න පුළුවන්.
Dr mata danaganna puluwanda HCG (Ovidac)5000in injection eka rajaye rohal wala widinawada kiyala?meyata godak mudal yana nisa mata eya rajaye rohslakin widiya hakida?
මෙය දැනට රජයේ රෝහල් වල ලබා ගත නොහැකියි. මීට වඩා මිල අඩු ආදේශක ඖෂධයක් ඔබේ වෛද්ය වරයා සමග සාකච්ඡා කර ලබා ගන්න.
Mage period akkramawateyata kumak kala yuthuda ?marry karala 3year thama babala na.
බොහෝවිට ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්ය ලෙස ඩිම්බ පිට නොවීමට ඉඩ තිබෙනව. මෙයට වැඩිදුර පරික්ෂණ අවශ්යයි. ඉන් පසු සුදුසු ප්රතිකාර ලබා ගැනීමෙන් දරුඵල ලබන්න හැකියාව තිබෙනව.
Dr mata dana ganna puluwanda mata perioda hadila 15wani dawasa scan ekak kala eka mage egg wala pramane 19.5k anith eka17.5k wanawa mata dana ganna one me pramane hathida? Me egg s…
මෙම ගැටළුවට මීට පෙර මා කිහිපවරක් පිළිතුරු ලබාදී ඇති්. මෙම ඩිම්බ පිටවී ඇතිනම් වෛද්ය වරයාට ස්කෑන් පරික්ෂණයේදී දැන ගත හැකි වෙනව.
Doctor mge yoni margayen laa kaha patata huru shrawayak Pita wenawa.eka gam wage aedena sului. E ai doctor?
මෙය සාමාන්ය ස්රාවයක් විය හැකියි. හරියටම දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුුතුයි.