VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
පුර්ව ප්රසව සමයේ භාවිතා කල හැකි ව්යායාම මොනවාද? ව්යායාම නොකළ යුතු අවස්ථා මොනවාද?
ඔබ කලින් සිට පුරුදු ව්යායාමක් තිබේ නම් එය දිගටම කරගෙන යන්න පුළුවන්. ගර්භණී කාලයේ කොන්දේ වේදනාවන් ඇතිවෙන්න ඉඩ තිබෙන නිසා කොන්දට අමතර ඇදීමක් ඇතිවෙන ව්යායාම හැර ඕනෑම ව්යායාමයක යෙදීම අහිතකර නැහැ. සාමාන්ය ප්රමාණයට ව්යායාම වල යෙදීම දරුගැබට හානිකර වෙන්නේ නැහැ.
Dr,water bag eka leak wena wita ethi wana lakshana monawada?
යෝනි මාර්ගයෙන් වතුර වැනි දියරක් පිටවීම ඔබට දැනෙනව. මෙය එක්වරම ආරම්භ වෙන්න පුළුවන්.
Dr 1ni baba 2012di secer krala gaththe. 2ni baba 2015 October (secer). Nawatha pregnant wime awadanama gana kiynna puluwanda. 1month pregnant.
ඔබට නැවත සිසේරියන් සැත්කමක් අවශ්ය වීමට ඇති හැකියාව ඉතා වැඩියි. සති 20දී ස්කෑන් පරීක්ෂණයක් මගින් වැදෑමහ පිහිටි ස්ථානය හරියටම දැන ගැනීමට අවශ්යයි. සිසේරියන් සැත්කමකදී ඇතිවිය හැකි සංකූලතා සඳහා ඇති අවදානම ඔබට කලින් සැත්කම් වලට වඩා තරමක් වැඩියි.
Docter me mage palamu gab ganimai.dan sathi 14k wenawa.man scan ekkim pasuwa danagththaa mata niun daruwan sitina bawa.man podi kale sita aduma rogayen peluna.namuth mage husband n…
නැහැ. එලෙස හැම දරුවාටම ඇදුම රෝගය වැලඳෙන්නේ නැහැ. මෙය සම්පූර්ණයෙන් ම පාලනය කල හැකි රෝග තත්වයක්. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්නන.
Doctor mama pregnant sathi 6k.mama postinore 2 nodanuwathma aragena tyanawa.baba concive wela tyenne 22nd January.eeta pasuwai postinore bawitha karala tiyenne mama pregnant kiyala…
නැහැ. ඉන් බබාට හානියක් වෙන්නේ නැහැ
Dr. Mata dn sathi 18wenwa pregnant wela. Baba dagalanwa mata danenne aduwen. Samahara data danenema na. Meka samanyaida dr. Tama hriyta dagnwa danene nda.sati 12 scan ekn kiwa baba…
මෙය සාමාන්ය තත්වයක්. සති 20දී නැවත ස්කෑන් පරී්ක්ෂණයක් සිදු කර දරුවා සාමාන්ය දැයි දැන ගන්න පුළුවන්.
Dr. Mata tibunu prashna walata pilituru dunnata pin obata.mage periods dawas 28 due wunat tawamat eya sidu nowunu athara den dina 31.me dina wala nitara muttra kirimatada awashyayi…
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න අපහසුයි. මුත්රා පරීක්ෂණයක් සිදු කර මෙය දැන ගන්න පුළුවන්
Doctor mata dan sathi 24i. June 16 thamai delivry date eka dila thiyenne. Man jayawardhanapura hosptl eke registr wela thiyenne. Mata dan goverment hospital ekakata yanna barida do…
හදිසි අවස්ථාවකදී ඕනෑම රජයේ රෝහලකට ඇතුළුවී අවශ්ය ප්රතිකාර ලබා ගැනීමට හැකියාව තිබෙනව. ඔබ කිසියම් රෝහලට දරු ප්රසූතිය සඳහා යාමට කලින් සැලසුම් කරන්නේ නම් එම සායනයේ කලින් ලියා පදිංචි විය යුතුයි.