VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Thnq doctor man ahapu prashna walata pilithuru dunnata.doctr dn mata sathi 24i. Mata glucos test ekak kraganna kiwwa ra 10 idan kanne nathuwa idala udeta gihin. Doctor eka karanna…
වතුර බීම පරීක්ෂණයට බාධාවක් වෙන්නේ නැහැ
Dr dimba koshaue wathura bilibi tiyana eka samanya deyakda
ඩිම්බ මේරීම සිදුවෙන්නේ වතුර බුබුලක් වැනි කෝෂයක් තුලයි. මෙය සාමාන්ය දෙයක්. නමුත් ඩිම්බ මේරීම සිදු නොවී මෙවැනි වතුර බුබුලු විශාල සංඛ්යාවක් ඇතිවෙන රෝග තත්වයක් තිබෙනව. එය PCOS ලෙස හඳුන්වනු ලබනව.
Dear sir Mage palopiya nalaye kalalaya hadila pupurala kiyala operation karanawa aye babek labenna aka gataluwakda
නැහැ. එක් පැලෝපීය නාලයක් සාමාන්ය ලෙස පවතී නම් නැවත ගැබ් ගැනීමට ඉන් හැකියාව ලැබෙනව.
Anormalin scan test karana eke hodaida.
Anomaly scan ලෙස හඳුන්වන්නේ දරුවාගේ කිසියම් අසාමාන්ය තත්වයක් ඇතිදැයි සොයා බලන විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක්. මේ සඳහා සාමාන්ය ස්කෑන් පරීක්ෂණයකට වඩා කාලයක් ගතවෙනව. නමුත් ඉන් ඔබට හෝ දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
Dr ma pregnant wela 5 weeks.samahara dinawalata reta yatibade wedanawak enawa meya samanya deyakda.danma scan 1k kala yuthuda? tama pregnancy symptoms mokut ne.eya samanya tatwayak…
තද වේදනාවක් තිබේනම් දැන්ම ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.
Doctor Mata dan sathi 29.baba godak dagalanawa danenawa doctor.bada nikan gassenawa wage.eth doctor Mage bada loku na ne godak a ai doctor.eya dagalanakota Mata welawakata nidagann…
මෙය සාමාන්ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ වලදී දරුවාගේ වර්ධනය සාමාන්ය නම් බිය විය යුතු නැහැ.
Dr. Sayana waladi midwife la athulu Wadihitiyan nitharama pawasanawa bada namala, bima indagena hondata wada krnna evita daru prasuthiya ikmanin sidu wenwa kiyala. Meya sathayk da…
ශරීරයේ නම්යශීලී බව පවත්වා ගැනීම දරු ප්රසූතියේදී ඔබට පහසුවක් වෙනව. දරු ප්රසූති ක්රියාවලිය මේ නිසා ඉක්මන් වෙන්නේ නැහැ.
doctor , "misoprostol" tablets ek warak use kala kenekuta nawatha daruwaku pilisidaganimedi gatalu athi weida? a monawada ? pahadili karanna . Thank you
මෙම ඖෂධය නිසා නැවත පිළිසිඳ ගැනීමේදී ගැටළුවක් වෙන්නේ නැහැ. නමුත් මෙය භාවිතා කල තත්වය නිසිලෙස වෛද්ය අධීක්ෂණයකින් තොරව සිදුවුනි නම් විෂබීජ ආසාදන ඇතිවී පැලෝපීය නාල අවහිර වීමක් වැනි සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක දරුඵල නැති වීමට අවදානමක් තිබෙනව.