VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama pregnent wela inne. Masa 1 1/2 vitara dan. Mata daruwo 2k nati una mulin. Mage gama kadawatha. Eth dan mama inne mage husbundge gedara hambantota. Doctor mata ape gedar…
මේ කාලයේ ගමන් යාම නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.
මම විවාහ වෙලා දැනට වසරක් පමණ වෙනවා අපි දැනට මාස 2ක් දරුපල අපේක්ෂාවෙන් සිටිනවා නමුත් තවම ගැබ්ගෙන නෑ එයට පිළිතුරක් ඔබෙන් බලාපොරොත්තු වෙමි .
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාදවෙන අවස්ථා තිබෙනව. තව මාස කිහිපයක් උත්සාහ කර බලන්න.
Doctor mata mensas hadila after one week aye bleed una. last week sundy oba thumawa chanel karala beheth gaththa. Mata bleed wena eka nathara wenna Norethisterone tablet eka dunna.…
මුලින්ම ඔබ ගැබ් ගෙන ඇතිදැයි දැනගන්න මුත්රා පරීක්ෂාවක් කර ගන්න. දිගටම වේදනාව සහ රුධිර වහනය පවතීනම් පරීක්ෂා කර බැලිය යුතුයි.
Dr.mama pregnant thama masayak vithara wenne,mata thiyena prashnaya babala labenna iddi nithara nithara dakina kenek wage baba wenawa kiyana kathawa aththada?mokada mage husband ge…
නැහැ. දරුවාගේ බාහිර ස්වරූපය තීරණය වෙන්නෙ ජානමය සාධක මතයි.
doctor mama daru prasuthiyata asannawa inne. dan sathi 35k. ane doctor mata babawa normal ganna bayen inne.a nisa mage kamaththen seesar karaganna puluwanda?
පුළුවන්. නමුත් දරු ප්රසූතියට වඩාත්ම සුදුසු ක්රමය වෙන්නෙ සාමාන්ය දරු ප්රසූතියයි. මේ ගැන අධික බියක් ඇතිනම් වෛද්ය වරයා සමග සාකච්ඡා කරන්න. එහිදී වෛද්ය වරයා ඔබට සුදුසුම ක්රමය තීරණය කරාවි.
Dr dan pregnancy week 38/4y. Baba dagalanawa danenawa aduy. Godak welawata hira kragana innawa wage tiynawa. Udetay dawaltay tikak daglanne tikay wenada wage ne. Hawasata reta daga…
බබා දැඟලීම අඩු නම් ඉක්මණින් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. බබාගේ හෘද ස්පන්දනය පරීක්ෂා කර බැලීමට අවශ්යයි. හිස පහලට සිටින ලෙස හැරී ඇති නම් සාමාන්ය දරු ප්රසූතියක් සිදු කිරීමට හැකියාව තිබෙනව.
Dr mata danaganna ona kalalayak garbashaye thampath wela thiyena awsthawa unath maseta mensas hadenawa wagee badee kakumak aran kati washayen bleed wenna puluwanda..e kiyanne kalal…
නැහැ. ගර්භණී කාලයේ රුධිර වහනයන් සිදුවිය හැකි වුවත් එය ඔසප්වීමට සමාන වෙන්නෙ නැහැ. සමහරවිට මෙවැනි රුධිර වහනයකින් පසුවත් කලලය සාමාන්ය ලෙස කිසිම ගැටළුවක් නොමැතිව වර්ධනය වෙනව. ඔබ ගැබ් ගෙන ඇතිදැයි හරියටම දැන ගැනීමට මුත්රා පරීක්ෂණයක් සිදු කරන්න.
Marry karapu hama kenekma wage gan gela pilika test eka karana oneda?adu wayasen banda ayta e pilikawa thawa aurudu 10kin mathu viya hakida?lamai nam naha habai.kochara kalekinda e…
මුල්ම ලිංගික එක්වීම සිදුවූ වයස අඩු නම් මෙම පිළිකාව කලින් ඇතිවීමට අවදානමක් තිබෙනව. සාමාන්යයෙන් වයස 25න් පසු මෙම පරීක්ෂණය කිරීම බොහෝ රටවල සිදු කරන්නෙ. ගැබ් ගෙල පිළිකා ඇතිවීමට අවදානම ඕනෑම වයසක කාන්තාවකට තිබෙන නිසා කලින් පරීක්ෂා කරවා ගැනීම වඩා සුදුසුයි.