Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mama ivf karala pregnant una. Mama hair color use karanawa. Dan color karanna hodada? Use karanna hithakara dye vargayak thiyanawada?

පිළිතුර

මෙම ඩයි වර්ග නිසා අසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් වර්ගයකට මාරු වීම සුදුසු නැහැ. ඩයි වර්ග වලින් දරුවාට හානියක් සිදු නොවේ යැයි පරීක්ෂණ මගින් ඔප්පු කර නැති නිසා මුල් මාස තුන තුලදී වත් මින් වැලකී සිටීම සුදුසුයි.

Sa*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Mn dan pertnat wela masayai sathiyai.ithin dr mn scan ekakata yomu wiya uththe masa kiyenda.

පිළිතුර

අවසන් වරට ඔසප් වූ දින සිට සති 8ත් 13ත් අතර කාලය තුල මුල්ම ස්කෑන් පරීක්ෂණය සිදු කල හැකියි.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

දරුවෙක් ලැබෙන්න ඉන්නවාද කියා දැන ගැනීමට ලේ පරීක්ෂාවක් කර ගන්නේ කොහොමද.

පිළිතුර

සමාන්‍යයෙන් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂණය ප්‍රමාණවත්. වෛද්‍ය වරයෙකුගේ නිර්දේශය මත serum beta HCG නම් රුධිර පරීක්ෂණය සිදු කල හැකියි.

දි*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mata menses hadune 06 march wala. 27/28 march wala mama mutra karaddi le tikak tiyanawa dakka. mutra karaddi dawillak ne. meyata hetuwa kumakda?

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂණ වලින් තොරව පැවසීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Is*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama bedala awrudu 3 wenawa babala ne tama ikmanata babek hadanna oni mata.mage overy eke chocolate cyst ekak tibuna laparoscopy ekak kala awruddak wenawa den.. tama mata period…

පිළිතුර

මේ ගැන තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Ha*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama bedala masa 4K wenawa.babek Bala porottuwen ennawa.tama ne.me sambandawa vog kenek gawata yema sudusuda.

පිළිතුර

නැහැ. තව මාස කිහිපයක් ගැබ් ගැනීමට උත්සාහ කරන්න. අසාර්තක නම් පමනක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Ch*** · වයස 18
පිළිතුර කියවන්න
ගැටළුව

dr seeser kalara baba labunain passe konde amaruwa nitarama enawa.mekata hetuwa kumakda.hiriwetenna gahuwa injection ekada.me konde amaruwa suwa wenne nadda

පිළිතුර

මෙය සුලබ තත්වයක් නොවෙයි. දිගටම වේදනාව පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම වල යෙදීම සුදුසුයි.

su*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

lingika ekathu veeman pasu kanthawakata kalalayak hata ganimata kopamana kalayak gatha weeda?ehi lakshaba penwanna kopamana kalayakadeeda?

පිළිතුර

සාමාන්‍යයෙන් ගැබ් ගැනීමක් සිදු වී ඇති දැයි දැන ගැනීමට නැවත ඔසප් වීමට නියමිත දිනය පසුවන තෙක් සිටිය යුතුයි. ඉන් පසු මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇති දැයි තහවුරු කර ගන්න පුළුවන්. රෝග ලක්ෂණ අති වෙන්න මීට වඩා කාලයක් ගත වෙනව.

Rm*** · වයස 24
පිළිතුර කියවන්න