VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Pregnant kalayede nida ganimata sudusu vidiya kumakda
වම් පසට හැරී නිදා ගැනීම වඩාත් සුදුසුයි. එසේ සිටීමට අපහසු නම් උඩු බැලි අතර හැර අනිකුත් ඕනෑම පහසු ඉරියව්වක නිදා ගැනීමට හැකියාව තිබෙනව.
Oba thuma hamuwiya hakke kohedida
කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
Mata masa 3ka babek inawa.eya Kiri bonana gattata passe mage konde godaak yanwa.Mata sudusu vitamin ekak kiyanna puluwnda.
දරු ප්රසූතියෙන් පසුව මෙය සාමාන්ය තත්වයක්. මාස කිහිපයකින් මේ තත්වය මග හැරී යනව. ඔබේ වෛද්ය වරයා හමුවී සුදුසු විටමිනයක් ලබා ගන්න.
Doctor babek hadanna balaporoththuwen ennakota ganna ona beheth monada kochchara kakayak ganna onada yakada peti gattata kamak nedda mage age le adui kiyala doctor kiwwa
ගර්භණී කාලයේ ෆෝලික් අම්ලය දිගටම ලබා ගත යුතුයි. සති 12න් පසුව ඔබේ වෛද්ය වරයාගේ නිර්දේශ අනුව යකඩ සහ කැල්සියම් පෙති ලබා ගත හැකියි.
Mge menses hedima kramanukula ne...masa 4kta parak wge hedennth...hedennema nti tharam...mn gdak mahathy..e wgema mine athe hma gdk Roma hdnwa.Beth gaththathbrhwama suwayk ne...gdk…
මෙය පොලිසිස්ටික් රෝග තත්වය නිසා විය හැකියි. මීට ඖෂධ ප්රතිකාර වලට අමතරව ආහාර පාලනය සහ ව්යායාම කිරීම අවශ්ය වෙනව.
ගර්භනී මවක් ගත යුතු ආහාර මොනවාද නිතර බඩගින්නට හේතුව කුමක්ද
ගර්භණී කාලයේ සිදු වෙන සිරුරේ වෙනස් කම් නිසා ආහාර රුචිය වෙනස් වෙන්න පුළුවන්. ඔබට කෑමට පහසු ඕනෑම ආහාරයක් ගැනීම සුදුසුයි. ගර්භණී සමයේ පෝෂණය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/413-Nutrition.php
dimbakoshaye Asanna wathura gediyak phitima daruwan natheeweemata balapanawada.ehema gedi pilikawalata arevida.gediya thiteddi thawa auryddakin daruwek pilisindaganimak karata kmk…
ඩිම්බ කෝෂ ආශ්රිතව විවිධ වර්ග වල ගෙඩි හට ගන්නව. කලාතුරකින් මෙවැනි ගෙඩි පිළිකා වෙන්න ඉඩක් තිවෙන නිසා ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
දරුවකු බලාපොරොත්තුවෙන් ඉන්න අතරතුර ෆෝලික් ඇසිඩ් ගැනීමේ වරදක් තිබේද?
නැහැ. මෙය දරුවාගේ ස්නායු පද්ධතිය වර්ධනය සඳහා අත්යවශ්ය විටමිනයක්.