Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

කාන්තාවකගේ TSH මට්ටම පහල බැසීම ගබ්සාවක් සිදුවීමට බලපානවාද එසේනම් ඒ අවදානම් range එක කීයක්ද

පිළිතුර

නැහැ. එවැනි අවදානම් මට්ටමක් පැවසීම අපහසුයි. ගැබ් ගැනීම සඳහා තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය ලෙස තබා ගත යුතු වෙනව.

Ch*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mage babata dan sathi 30I sathi 30 di karapu scan eken eyage bara awe 1073g kiyla.Me bara adu barakda samanyen thiyenna ona bara keyada

පිළිතුර

සාමාන්‍යයෙන් මේ කාලයේදී බබාගේ වර්ධනය සොයා බලන්නෙ බර සලකා බලා නොවෙයි. මෙය අනිකුත් නිර්නායක අනුව අනුමාන කරන බරක් පමණයි. වර්ධනය අඩු නම් ඒ බව ඔබේ වෛද්‍ය වරයා දැනුම් දෙනව.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mm me getaluwa obata kalinut yomu kala. Mm sathi 38ka gebiniyak. Mage baba tikak podi kiyala docter kiwwa. Scan eke satahan wenne me akarayatai.... (Hpd,hc,ac,fl) 2457g 34w4d 1…

පිළිතුර

මෙම බර සුළු වශයෙන් අඩු වුවත් ස්කෑන් පරීක්ෂණයේ අනුමාන කරන බර 100% නිවැරදි නැහැ. දරුවා උපදින විට බර සාමාන්‍ය වීමට හැකියාව තිබෙනව.

Ha*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Mage 1st pregnency eka 26wks walin abortion una.2nd eka ita masa 4kata passe pregnet una.gebgela thuni kiyala vog mehumak demma geb gelata.ekat waterbag eka kedila 20wks walin abor…

පිළිතුර

මෙම මැහුම වෙනස් ආකාරයකට යෙදීමට හැකියාව තිබෙනව. නමුත් කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්තක නැහැ.

Nu*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

මම දැනට විවාහ වී අවුරුදු 3ක් වෙනවා.විවාහ වී මාස 6කින් මට දරුවකු ලැබෙන්න හිටියා.මාස 2කින් ඇබෝසන් උනා.ඒත් අපිට තවම දරුවකු ලැබුණේ නෑ.ඇයි මෙහේම වෙන්නෙ.පිලිතූරක් ලබාදෙන්න

පිළිතුර

දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද වීමට කලින් ගබ්සාව බලපාන්නෙ නැහැ. මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

මධ*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

mama masa 5 scen kala docter nawath scren karanna oni masa kiyenda....nithrama sacn karanna awasyathawayak thiyanawada..

පිළිතුර

නැහැ. විශේෂ හේතුවක් නොමැති නම් නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් වරින් වර සිදු කරන ස්කෑන් පරීක්ෂණ මගින් දරුවාගේ වර්ධනය සාමාන්‍යදැයි සොයා බැලීමට හැකියාව තිබෙනව.

ja*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Docter pregnet unama gebgela thuni kiyala vog dr nirdesa matha mage geb gelata mehumak yeduwa.eth godak paressam wenna kiwa.mehema gahala bed rest karanna onada baba hamba wenakamm…

පිළිතුර

මේ සඳහා හොඳම ප්‍රතිකාරය වෙන්නෙ නිවැරදි ආකාරයට ගැබ් ගෙලට මැහුමක් යෙදීමයි. ඊට අමතරව වෙනත් ප්‍රතිකාර අවශ්‍යදැයි ඔබේ වෛද්‍ය වරයා තීරණයක කරාවි. ඇඳටවී විවේක ගැනීම අවශ්‍ය නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Nu*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

dr,mata school yana kale idan mensas hedenne apiliwelata,e wagema mage kakul wala amaruwak thiyenawa adiya thiyaddi wiluba lagin ridenawa.kochchara beth kalath hoda ne.e wagema awr…

පිළිතුර

මේ ගැටළු සියල්ලටම හේතු වෙන්නෙ බර වැඩි වීමයි. ව්‍යායාම සහ ආහාර පාලන කිරීමෙන් බර අඩු කර ගන්න. මාස හතරක් ඔසප් වීම ප්‍රමාද වී ඇති නිසා ඒ ගැන සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Ga*** · වයස 25
පිළිතුර කියවන්න