නම: Ma *** | වයස: 30
Doctor pregnant kalaye lakul kekkuma hadena eka saamanyada?neththam eka daru gabata haniyak bawa danwana deyakda?plz doctor. Ikmanin pulithurak Denna
පිළිතුර

කකුලේ වේදනාව නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. මෙයට හේතුව සොයා බැලීමට ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ro *** | වයස: 31
Sir, Profertil tablet eke denne kumak sadahada?
පිළිතුර

ඩිම්බ මේරීම උත්තේජනය සඳහා දෙන clomiphene citrate ඖෂධය විවිධ නම් වලින් ලබා ගැනීමට හැකියි. ඔබේ වෛද්‍ය වරයාගෙන් මෙම ඖෂධය නියම කිරීමට හේතුව අසා දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ra *** | වයස: 30
dr dimba moranna behet bila mences heduna dawase idan kiweni dawaseda scan ekata yanna ona dr.
පිළිතුර

ඔසප් විමේ සිට දින 11ත් 13ත් අතර කාලයේ මෙම ස්කෑන් පරීක්ෂණය සිදු කල හැකියි. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දී ඇති පරිදි කටයුතු කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 32
Thanks doctor for your responses for previous questions. mage doctor dye test ekak magin mage falopian tube block bawa kiwwa.eya treatment magin hoda kala hakida? three years married? tube block wima pregnant weemata berida? thanks doctor
පිළිතුර

පැලෝපීය නාලවල අවහිරතායන් සඳහා ඖෂධ ප්‍රතිකාර නැහැ. අවහිරතාය ඇති ස්ථානයන සහ තත්වය අනුව සැත්කමක් මගින් නිවැරදි කිරීමට හෝ IVF ප්‍රතිකාරය අවශ්‍ය වීමට ඉඩ තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා ගෙන් වැඩි විස්තර දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Am *** | වයස: 32
Mage doctor scan ekak magin womb eke cist ekak tiyena bawata pawasuwa. eya preganant weemata balapanawada? Doctor e sadaha kumak kala yuthuda? Thanks doctor
පිළිතුර

සාමාන්‍යයෙන් ගර්භාෂයේ සිස්ට් ඇති වෙන්නෙ නැහැ. ඔබ සඳහන් කරන්නේ ඩිම්බ කෝෂයේ වතුර ගෙඩියක් විය යුතුයි. මෙවැනි ගෙඩි ඉබේම හැකිලී යාමට ඉඩ තිබෙන නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]