VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mata danaganna ganna oni babek hadanna saru kale mokakda kiyala, mata mansas hadine me mase 19
පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php
වෛද්ය තුමනි, ගර්භනී වි මුල් සති කිහිපයෙදි , යටි බඩ වේදනවක් දැනීමට හෙතුව කුමක්ද. මාසික ඔසප් වීමේදී දනෙන වේදනවට සමානයි.
මෙය සාමාන්ය තත්වයක් වෙන්න පුළුවන්. නමුත් ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටීම, ගබ්සාවීම වැනි සංකූලතා නිසාත් වේදනාවන් ඇතිවීමට පුළුවන් නිසා වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම සුදුසුයි.
Icsi prathikaraya pilibada pehedili karanawada doctor. Eya sarthakaweme prawanathawa kopamanada?
ශුක්රාණු ඩිම්බය තුලට ඇතුළු කිරීම මගින් පිළිසිඳ ගැනීමට සැලැස්වීම මෙහිදී සිදු වෙන්නෙ. සාර්තක වීමේ හැකියාව 30% - 40% අතර වෙනව.
1. doctor osapweemata dina 50-55 athara kalayak gathaweemata hethu monawada? 2. Ehema kenekge saru kalaya samanya widiyata ganan karanna puliwanda?
1. මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 2. ඔසප් චක්රය ක්රමවත් නැති නම් සරු කාලය සාමාන්ය ලෙස ගණනය කරන්න බැහැ.
Dr Mage garbasa 2 pihita thibuna.ehidi kuda garbasaye baba epida thibuna.masa 3n eya pupura baba nethi wiya..danata anek garbasaya atha..eya sethkama nisa mehum dama thibu nisa new…
මෙම ශල්යකර්ම වල වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව මීට පැහැදිලි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබාගන්න.
වෛද්යතුමනි,උපත් පාලන පෙති ගන්නා අතර තුර folic acid ගැනීම සුදුසු ද?
ඔව්. නමුත් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු නොවන විට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම අවශ්ය නැහැ.
Docter.iui ekak kalama parissam wenna onida?wahaneka dura gaman yanna hoda nadda?
නැහැ. සාමාන්ය වැඩකටයුතු වල යෙදීම සහ ගමන් බිමන් යෑම අහිතකර නැහැ.
Dr. Pregnant wenna kalin rubella ennatha labagatha uthuda ese labagena nathnam pregnant unata pasee prashnayakda eka
ගර්භණී කාලය තුල රුබෙල්ලා රෝගය වැළඳුන හොත් එය දරු ගැබට හානිකර වෙන්න පුළුවන් නිසා කලින් ප්රතිශක්තිකරන එන්නත ලබා සිටීම සුදුසුයි.