VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
මම විවාහ වී වසර 5 1/2කි. දරුවනමැත. 2017.01.20 දින ලැපරොස්කොපි 1න් මගේ පැලෝපීය නාල අවහිර බව කිව්වා.එම අවහිරතාවය නැති කිරීමට බෙහෙත් පාවිච්චි කිරීමෙන් පසුව IUI 1ක් කළා. එය සාර්ථක නොවු…
පැලෝපීය නාල අවහිර වී ඇති නම් එය ඖෂධ මගින් නිවැරදි කරන්න බැහැ. ඔබට ගැබ් ගැනීමට IVF ක්රමය අවශ්ය විය හැකියි.
Doctor mage baba labune normal.dn eyaita aurudu 2k wenawa.eth yoni margaye mahum dapu thana tawama gediyak wage tiyanawa.e ai doctor
මේ ගැන පරීක්ෂා කර බැලීමෙන් තොරව නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. වෛද්ය වරයකු හමුවී උපදෙස් ලබා ගන්න.
dr miscarriage ekak walak wanna behethak vidinawada pregnant hama amma kenekma eya labagatha ythuda
නැහැ. එවැනි ඖෂධයක් අත්යවශ්ය නැහැ.
Endometriosis රෝග තත්ත්වයේදී laparascopic සැත්කම කිරීමට පෙර එය හැකිලීම සඳහා මාස හතරක් එන්නත් කිරීමක් සිදු කරනවද එය සිදුකළ යුතුද..
මෙම ඖෂධ ඔබේ වෛද්ය වරයා උපදෙස් දෙන පරිදි සැත්කමට පෙර හෝ පසු ලබා ගත හැකියි.
පැලොපීය නාල දෙකම අවහිර වෙලා..එය සුද්ද කිරිමට හැකි ශල්යකර්මයක් තියෙනවාද
සැත්කමක් කිරීමට ඇති හැකියාව තීරණය වෙන්නෙ පැලෝපීය නාල අවහිර වී ඇති ස්ථානය අනුවයි. එසේ කල නොහැකි නම් IVF වෙත යොමුවීම සුදුසුයි.
I have done laporoscopic LRT IN 2014. Now i have lower abd pain, pelvic heaviness & sometimes pain after sex. Since december, gap between my menstrual cycle is 21 days. Bleeding is…
You will need some tests to detect the cause of this pain. Please meet a gynaecologist.
Docter,dimba 5 k pamana pita wee ethi wita IUI sidukireema sudusu nadda.eyata hethuwa kumakda.
ඩිම්බ කෝෂ අවශ්ය ප්රමාණයට වඩා උත්තේජනය වී ඇති විට Ovarian hyper stimulation තත්වය ඇතිවීමට අවදානමක් තිබෙනව. ඒ නිසා HCG නික්ෂේපනය ලබා දීම හෝ IUI කිරීම සුදුසු නැහැ.
Dr, Mama donar sample walin IUI 4k kala eth harigiye na. Ovidac 5000 gahuwata passe bade kakkumath awa. Egg eka pita wena welawa hariyatama balada IUI karanna oni e nisada dr mata…
එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15% ක් පමණ වෙන්නෙ. හරියටම ඩිම්බ පිටවෙන වෙලාවට IUI කිරීම අනිවාර්ය නැහැ.