නම: අය *** | වයස: 31
මගේ බබා නැතිවෙලා දැනට අවුරුදු 7ක් වෙනවා. මම හෙට IUI එකක් කරන්න යනවා. පලමු IUI එකෙන්ම බබෙක් හිටිනවද?. IUI කලාට පසුව කොහොමද පරිස්සම් විය යුත්තේ ?
පිළිතුර

IUI එකක් පලමු වතාවටම සාර්ථක වීමේ හැකියාව 15%ක් පමණ වෙන්නෙ. එය සාමාන්‍ය එක් වීමකදී ගැබ් ගැනීමට ඇති හැකියාවට වඩා වැඩියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ru *** | වයස: 25
වෛද්‍ය තුමා මට අදට මාසික ඔසප් වීම දින 20 kin සිදුවි නැහැ .hcg strip kipa watawak check karat ewa negative. Namuth mage bade wam patte korayak samaga gastritis pasugiya dina kipayaka tibila dan adui.mage period cycle eka yam akramawat bawak tibunada me taram pramada wrla naha mita kalin.me mona wage tatwayakda pahadili karadenna puluwanda.mama antimata strip check kare dina 16n.mama gab gena ati nam dina 16kut pasuwi eya danagata hakida.karunakara pilithurak laba denna
පිළිතුර

ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න නැවත වරක් මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්. එසේ නොමැති නම් රුධිර පරීක්ෂණයක් මගින් එය දැන ගත හැකියි. ඔසප් වීම අක්‍රමවත් වෙන්න හේතු සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Su *** | වයස: 22
Mage yoni thol viurtha karavita yoni margayak nopene.....namuth masika osop weema siduwe.....nopenena hinada mn loku peedanen inne meka samanya thathwayakda getaluwakda
පිළිතුර

ඔසප් විමේදී රුධිරය පිට වෙන්නෙ යෝනි මාර්ගය සාමාන්‍ය පරිදි තිබෙන නිසයි. මෙය සාමාන්‍ය තත්වයක්. සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 27
වෙෙද්‍ය තුමනි, මට වයස 27. මම මේ වන විට මම සහ මගේ සැමියා විදෙස් ගතවයි සිටින්නේ. වෙෙද්‍ය තුමනි මේ වන විට මා සති 2ක ගැබිනි මවක්. මට ලංකාවට යෑමට අවශයයි. ගුවන් ගමන් කිරිම නුසුදුසුයිද කියා මට දැන ගැනිමට අවශයයි.
පිළිතුර

වෛද්‍ය වරයෙකු පරීක්ෂා කර දරු ගැබ සාමාන්‍ය බව පවසා ඇතිනම් සහ මුල් ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් ඔබට ගුවනින් ලංකාවට පැමිණිය හැකියි. ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 28
Saru kalaya pasuwii ekathu weemen Pasu gab ganimata hakiyawak thibenawada?
පිළිතුර

පුළුවන්. සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමට සම්භාවිතාව වැඩිම කාල සීමාව. ඉන් පිටතදී වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]