Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr, අදට (2018.06.13) මගේ gestational age එක සති 15 යි දවස් 7 යි. 2018.06.09. මං VOG channeling එකට ගිහින් ultrasound scan එක කලා. මේ scan එක කරපු තුන්වෙනි වතාව. Scan එක බලලා doctor කිව්වා වැදෑමහ තිනේනේ ගර්භාෂය පිටිපස්සෙන් නෙමෙයි, ඉස්සරහින් කියලා. පරෙස්සම් වෙන්න කියලත් කිව්වා. Bleed වුනොත් doctor හම්බවෙන්න එන්න කියලත් කිව්වා. බය වෙන්න ලොකු දෙයක් නැහැ කියලත් කිව්වා. ඒත් dr ඒක අහපු වේලාවේ ඉඳලා මං ගොඩක් බයෙන් ඉන්නේ. Dr, මට දැනගන්න ඕනේ; *මේක ගොඩක් භායනක තත්වයක්ද? *මෙහෙම උනාම බබා abortion වෙනවද? *බබා දගලනවා අම්මට දැනෙන්නේ නැද්ද? *මේ තත්වය බබාගේ වර්ධනයට, හුස්ම ගන්න නරක බලපෑමක් කරනවද? *මට normal delivery කරන්න පුළුවන්ද? *Delivery එකට කලිනුත් bleed ⁣වෙනවද?*පරෙස්සම් වෙන්න ඕනේ කොහොමද?

අසන ලද්දේ: දු*** · වයස 30 · 1497 views

පිළිතුර

වැදෑමහ ඉදිරියෙන් පිහිටීම සාමාන්‍ය තත්වයක්. ගැබ් ගෙල අවහිර වෙන පරිදි පහලින් පිහිටා නොමැති නම් මෙය අවදානම් තත්වයක් නොවෙයි. ස්කෑන් පරීක්ෂණ වාර්තාව නොමැතිව ඒ ගැන පැවසීම අපහසුයි.