Skip to main content
ප්‍රශ්නය

ඔසප් අක්‍රමවත් නම් ගැබ් ගන්න මොකද කරන්න ඕන?

What should be done to conceive when periods are irregular?

වෛද්‍යතුමනි.. මා විවාහ වී මාස නවයකි. විවාහ වී මාස 4කින් පමන ශරීරයේ අපහසුතාවක් නිසා වෛද්‍යවරයෙකු මුනගැසුනු අතර ගැබ්ගෙන ඇතිබව පැවසුවත් එයින් දින 5කට පමන පසු ඔසප් වීම සිදු වුනා. විවාහයෙන් පසු මුල් මාස කිහිපය ඔසප් වීම නිසි පරිදි සිදු වුවත් විවාහයට පෙර සහ ඉහත සිදු වීමෙන් පසු ඔසප් වීම අක්‍රමවත්ව ඇත. මා ගැබ් ගැනීම පිලිබද දැඩි අපේක්ෂාවෙන් සිටින අතර මේ සම්බන්දයෙන් මට උපදෙසක් ලබ් දෙන්න

අසන ලද්දේ: He*** · වයස 29

ඔසප් වීම අක්‍රමවත් නිසා මාසිකව ඩිම්බ මේරීම සහ පිටවීම සාමාන්‍ය ලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.