Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මගේ බබා නැතිවෙලා දැනට අවුරුදු 7ක් වෙනවා. මම හෙට IUI එකක් කරන්න යනවා. පලමු IUI එකෙන්ම බබෙක් හිටිනවද?. IUI කලාට පසුව කොහොමද පරිස්සම් විය යුත්තේ ?

පිළිතුර

IUI එකක් පලමු වතාවටම සාර්ථක වීමේ හැකියාව 15%ක් පමණ වෙන්නෙ. එය සාමාන්‍ය එක් වීමකදී ගැබ් ගැනීමට ඇති හැකියාවට වඩා වැඩියි.

අය*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමා මට අදට මාසික ඔසප් වීම දින 20 kin සිදුවි නැහැ .hcg strip kipa watawak check karat ewa negative. Namuth mage bade wam patte korayak samaga gastritis pasugiya dina kipayak…

පිළිතුර

ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න නැවත වරක් මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්. එසේ නොමැති නම් රුධිර පරීක්ෂණයක් මගින් එය දැන ගත හැකියි. ඔසප් වීම අක්‍රමවත් වෙන්න හේතු සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Ru*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Mage yoni thol viurtha karavita yoni margayak nopene.....namuth masika osop weema siduwe.....nopenena hinada mn loku peedanen inne meka samanya thathwayakda getaluwakda

පිළිතුර

ඔසප් විමේදී රුධිරය පිට වෙන්නෙ යෝනි මාර්ගය සාමාන්‍ය පරිදි තිබෙන නිසයි. මෙය සාමාන්‍ය තත්වයක්. සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Su*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

වෙෙද්‍ය තුමනි, මට වයස 27. මම මේ වන විට මම සහ මගේ සැමියා විදෙස් ගතවයි සිටින්නේ. වෙෙද්‍ය තුමනි මේ වන විට මා සති 2ක ගැබිනි මවක්. මට ලංකාවට යෑමට අවශයයි. ගුවන් ගමන් කිරිම නුසුදුසුයි…

පිළිතුර

වෛද්‍ය වරයෙකු පරීක්ෂා කර දරු ගැබ සාමාන්‍ය බව පවසා ඇතිනම් සහ මුල් ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් ඔබට ගුවනින් ලංකාවට පැමිණිය හැකියි. ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ.

Sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Saru kalaya pasuwii ekathu weemen Pasu gab ganimata hakiyawak thibenawada?

පිළිතුර

පුළුවන්. සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමට සම්භාවිතාව වැඩිම කාල සීමාව. ඉන් පිටතදී වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor ma wiwaha wee denata aurudu thuna hamarak pamana we me kalaya thula mage birinda hathara wathawak pregnant u athara ekak wath sarthaka nouni mul pregnancy thuna sathi dolaha…

පිළිතුර

මෙම තත්වයට හේතු වෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

PR*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mata pregnant da kiyala danaganna kopamana kalayakinda chek kranna ona,thanks

පිළිතුර

ඔබට ඔසප් වීමට නියමිත දින පසුවූ විට මුත්‍රා පරීක්ෂාවක් මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර සඳහා මෙම ලිපිය බලන්න [url=http://www.vog.lk/113-pregnancy-test.php]http://www.vog.lk/113-pregnancy-test.php[/url]

Ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Iui prathikara walata loku viyadamak yanawada

පිළිතුර

ඒ සඳහා වැය වෙන වියදම රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. එක් වරකට IUI කිරීමට අවශ්‍ය මුදල සාමාන්‍යයෙන් රුපියල් 10000 ත් 15000 අතර මුදලක් විය හැකියි.

Ja*** · වයස 35
පිළිතුර කියවන්න