නම: Di *** | වයස: 31
Doctor,mata awrudu 6ka puthek innava.putha labenna kalin davas 4,5 osap veema sidu una.dan osap veema krmavath.namuth davas 2k vage kalayak pamanai osap veema sidivanne.eya tuava daruvek labeemata badaavakda
පිළිතුර

<p>නැහැ. ඔසප් වීමේදී පිටවන රුධිර ප්‍රමාණය ගැබ් ගැනීමට බලපෑමක් නැහැ. ඔබේ ඩිම්බ කෝෂ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේදැයි වෛද්‍ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න.</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: එර *** | වයස: 30
වෛද්‍යතුමනි,මා හට ඔසප්වීමේදී දැඩි වේදනාවක් දැනේ.එම වේදනාව ඔසප් ඇතිවීමට සතියකට පමණ පෙර සිට වරින් වර දැනේ.ඔසප් දිනයේ තදබල ලෙස දැනේ.එම වේදනාව බොහෝවිට ගුද මාර්ගය හෝ යෝනි මාර්ගය දෙසින් එන බව දැනේ.මා වෛද්‍යවරයෙකු හමු වු අතර ඔහු පැවසුවේ මාගේ ගර්භාෂ බිත්තිය ගන වී ඇති බවයි.මා හට ඔසප් වීම සිදුවන්නේද අක්‍රමවත් ලෙසයි.එනම් දින28,30,32,34,35 ලෙසය.මාගේ ඩිම්බ මෝරන්නේ නැති බවද වෛද්‍යවරය‍ා පැවසුවා.මෙවැනි තත්වයක් මත මා හට දරුවන් සෑදීමේදී ගැටලුවක් ඇති වෙයිද.මේ සදහා ප්‍රතිකාර මොනවාද ?
පිළිතුර

<p>මෙයට හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්ත්වයක් දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 27
droctar mama marry karala aurudu 3 K wenawa.thama babala na.mawa scan karala mage kisi aulak na kiwa. Dan monawada karanna ona.
පිළිතුර

<p>ඔබ දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. දරු ඵල ප්‍රමාද වෙන්න වෙනත් හේතු ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 30
ඩොක්ටර් මම ගර්භණී මවක්. දැන් සති 15 වෙනවා. මට තිබෙන ගැටලුව නම් මව හිතන පතන දෙය දරුවාට බලපානවාද? සමහර වෙලාවට ස්වයං වින්ද්න අදහස් එනවා. ලිංගික අදහස් එනවා. සැමියා සමග ලිංගිකව හැසිරෙනවා. ඒ වගේ දේවල් බලනවා.බෝම්බ සිදුවීම සමග ලේ ආශිය දකින්වා. ඔවුන් ගැන තරහ ඇතිවෙනවා. සමහර මිනිස්සුන් ගැන තරහා ඇවතිවෙනවා මේ ආදි වශයෙන් විවිධ සිතුවිලි හා මව යෙදෙන ක්‍රියාකාරකම් වලින් දරුවාට මානසික බලපෑමක් වෙනවාද
පිළිතුර

<p>මවගේ සිතුවිලි සමග සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වෙන විට එය දරු ගැබට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ලිංගික එක් වීම නිසා කලලයට හානියක් වෙන්නෙ නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 26
Pregnent mul masa thunedi bike eke yama sudusuda??
පිළිතුර

ගර්භණී කාලයේ කලින් පුරුදු පරිදි එදිනෙදා වැඩ කටයුතු සිදු කල හැකියි. බයිසිකලයක ගමන් කිරීම නිසා දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]