Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor ....man masa 7 gebiniyak..lagadi idan maage piyauru thulin sudu pehethi shrawayak swalpa washayen pita wenawa..a kumakdda kya dena ganna kemathi....ehema weemata hethu pahad…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ගර්භණී කාලයේ හෝමෝන වෙනස් කම් නිසා මෙසේ සිදුවෙන්න පුළුවන්.

Ja*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

docter mn nawatha nawatha urine test kara ewa positive hodatam line 2 penwa. mn scan ekak kara ekata nm ahu une nhe tv s scan ekata garbashaye podi deyak pennamwa heart beet eka wa…

පිළිතුර

ගර්භාෂයෙන් පිට දරුගැබ පිහිටන අවස්තාවලදීත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. මෙය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍යයි.

ha*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mata dan sathi 14wenawa.Mama scan ekak kalama vog doctor monawath Mata kiwe na.mage date hari kiwa.namuth scan eken Mata babawa podiwata pahadiliwa penune naha.eya samnya th…

පිළිතුර

සති 14කදී ස්කෑන් පරීක්ෂණය මගින් පැහැදිලි රූපයක් ලබා ගත හැකියි. එය සිදු කරන ස්කෑන් යන්ත්‍රය, පරීක්ෂා කරන ආකාරය අනුව රූපයේ පැහැදිලි බව වෙනස් වෙනව. මේ කාලයේ බඩ විශාල වීමක් දැනෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.

Ma*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dictor lingika ek weemakin pasu oasap weema une nm apahu lingika ek weemak nokale nm gab gatha hakida

පිළිතුර

නැවත ඔසප් වීම සාමාන්‍ය ලෙස සිදු වුනි නම් ගැබ් ගැනීමට ඉඩ නැහැ. නමුත් ගර්භණී වූ පසු සිදු වන රුධිර වහනයක් ඔසප්වීම ලෙස වරදවා හඳුනා ගන්න අවස්තා තිබෙනව.

Ka*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Sir leperascopy test saha leperascopy surgery yanu kramawedayan 2kda? Mehi wenasa kumakda? Thank u sir

පිළිතුර

ලැපරොස්කොපි උපකරණ යොදා ගෙන උදර කුහරය ඇතුලත පරීක්ෂා කර බැලීම ලැපරොස්කොපි පරීක්ෂණයයි. ලැපරොස්කොපි උපකරණ යොදා ගෙන ශල්‍යකර්මයක් වුවත් කල හැකියි. නමුත් ශල්‍යකර්ම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව.

Ro*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mulinma gdk esthuthi mage prshna walata uttara sapayouwata.Mage me prshnetath ekman pilithurak balaporotthu wenwa sir.Mama danata sathi 35 ka gabiniyak.Mata baba labenna tiyenn…

පිළිතුර

මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. http://www.vog.lk/512-iugr.php

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Mama sathi 22ka gabiniyak.sathi 20n anomaly scan ekak kalama kiwwa daruwage bada pradeshae sama wardanaya madi nisa badawel eliyata wage. Awith kiyala.eth baba dagalanawa.mage p…

පිළිතුර

දරුවාගේ උදර බිත්තියේ සම පිහිට නැති නම් උපතින් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වෙනව. නමුත් සමහර විට උදරයේ නාභිය පෙදෙසේ උදර බිත්තියේ දුර්වලතාවයක් නිසා බඩවැල් පෙකනි වැල තුලට නෙරා ඇති විටත් මේ වගේ පෙනෙන්න පුළුවන්. එය නැවත ඇතුලට ගමන් කරන නිසා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්…

Sa*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor menses wela dina 2kata pasu amu le yama ledak da ai ehema wenne

පිළිතුර

මෙය අලුතින් ඇතිවූ තත්වයක් නම් ගැබ් ගෙලේ හෝ ගර්භාෂයේ යම්කිසි අසාමාන්‍ය තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

Ka*** · වයස 21
පිළිතුර කියවන්න