VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr,mt awasan warata osap une january 24 daruwek balaporoththuwimta nam lingikawa ekwiyayuththe kumana dinawalada dr? Plz reply dr
අවසන් වරට ඔසප් වූ දිනය සහ ඔබේ ඔසප් චක්රයේ සාමාන්ය දින ගනන පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න. http://www.vog.lk/fertility.php
dr mm marry kle june wala. sathi 6kin miscarriage ekk una,ita passe nawatha masa 6kin enam january 9,10 ,12 dina wala api ekthu una ita pera osap une dec 27.eth me para gab ganeema…
නැහැ. එක වරක් ගබ්සා වීම සුලබ තත්වයක්. ඉන් ඉදිරියේ ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Sir, mama 11 weeks pregnant. Mata 6 weeks wage indan bleeding thibuna. Dark Brown colour. Vog sir mata injection course1k kala maasayak. Baba hodin innawa scan walin penawa. Namuth…
ස්කෑන් පරීක්ෂණ සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. රුධිර වහනය නතරවූ පසු ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න..
den pregnant wela sathi 7i.thama morning sick wena lakshanayak nehe.urine saha blood parikshawe vidiyata mama pregnant.dr morning parakku wenne mokak hari pashnayak nisada
නැහැ. සෑම මවටම එක සමානව මෙම ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. එය සාමාන්ය තත්වයක්.
Baba lebunu pasu gatha yuthu folic acid mg pramanaya kopamanada doctor..?.
සාමාන්ය මවකට දිනපතා ෆොලික් ඇසිඩ් 1mg පෙත්තක් ලබා ගැනීම ප්රමාණවත්.
Doctor mama leparescopy 2k kara.IUI 4 kara denata merry karala 6years wenawa.husband ge dhathu kisima problem ekak ne kiwwa.den mokakda karanne doctor
ඔබ දෙදෙනාගේ සියළුම පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලීමෙන් තොරව නිවැරදි උපදෙසක් ලබා දීම අපහසුයි. කිසිම ගැටළුවක් නැති නම් තවත් වාර දෙකක් පමණ IUI මගින් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
doctor mage tsh 4.33 k meya sudusu nethida man pregnet balaporottuwen inne. mata deparak miscarraige una.meyata hethuwak lesa tsh agaya ehala yama balapanawada mama ae sadaha behet…
ඔව්. මේ සඳහා වෛද්ය උපදෙස් මත ප්රතිකාර ලබා ගන්න. තයිරොක්සින් ඖෂධය ලබා ගැනීම ගැබ් ගැනීමට උපකාරී වෙනව. ඉන් හානියක් වෙන්නේ නැහැ.
Gabata sathi 17i.pressure aka 120/80i. meeta kalin tibbe 100/60i .Maya awadanum tathwayakde?kalauthu piliyan monade? Koi wage kamade kannna one
මෙය සාමාන්යයි. සති දෙකකට වරක් වෛද්ය වරයෙකු හමුවී රුධිර පීඩනය පරීක්ෂා කරවා ගන්න.