VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mata sir wa private chanal karanne kohomada
කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
මා විවාහ වී දැනට මාස 2යි. මම දරුවෙකු හැදීමට බලාපොරෝත්තුවෙන් සිටිමි. පාසල් යන කාලයේදී මට රුබෙල්ලා එන්නත විද ගැනීමට නොහැකි විය. එම නිසා එය විද ගැනීමට සුදුසු කාලය කුමක්ද? රුබෙල්ලා එන්…
රුබෙල්ලා එන්නත ලබාගෙන මාස තුනක් පමණ ගැබ් ගැනිමෙන් වැලකී සිටීමට නිර්දේශ කරන්නෙ. ඒ නිසා ඔබ දැන්ම එන්නත ලබා ගත හොත් තව මාස තුනකට උපත් පාලන ක්රමයක් අනුගමනය කල යුතුයි. ගර්භණී කාලයේ මෙම එන්නත ලබා දීම සුදුසු නැහැ.
Dr,IUl prathikara kamayata kopamana mudalak wayaweda?dala washayen kiyanna
එය සිදු කරන ආයතනය සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. රුපියල් 15000ක් පමණ සාමාන්යයෙන් මේ සඳහා වැය වෙනව.
Dr.mata babek nethi una auruddakata kalin. Denata babala na. Eath date eka hedenne masa 2 serayak Ai kiyala denaganna one.
මෙයට හේතු වෙන රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කල යුතුයි. වසරක් පමණ ගැබ් ගැනීමක් සිදුවී නැති නිසා ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය විය හැකියි.
ඩොක්ටර්, මට අවුරුදු තුනකට පෙර දකුණු පැත්තේ පැලෝපීය නාළය තුල පිලසිද ගැනීමක් හේතුවෙන් එම නාළය සැත් කමක් මගින් ඉවත් කරනු ලැබුවා. ඉන් පසු දිගටම වෛදය ප්රතිකාර ලබා ගත්තත් තවම දරැ පිළිසිඳ…
ඔබේ අනිත් පැලෝපීය නාලයේ අවහිරතාවයක් නොමැතිදැයි දැන ගැනිමට පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි. එහි ප්රතිඵල අනුව වැඩිදුර ප්රතිකාර කරන ආකාරය වෙනස් වෙනව.
palamu daruwa labi dan masa 10i masika osapvima akkrmawathya masa dekakata asanna kalayak osapvima sidunowe inpasuwa ekadigata rudirawahanaya sthi2kata wada pawathi nathinam wara t…
Depoprovera නික්ෂේපනය ලබා ගන්නා විට සමහර කාන්තාවන් මෙලෙස අක්රමවත් රුධිර වහනයක් සිදුවෙනව. මෙය කරදරකාරී නම් ඖෂධ මගින් පාලනය කරන්න පුළුනවන්.
Dr,mata danata auruddakata kalin abortion ekak una.tablet walin ain kara.thama babala ne.vog meet unama kiwa abortion eke germs gihin tube ekaka block ekak thiyanawa kiyala.masa 4…
ඔබේ පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් සොයා බැලීම කල හැකියි. එය සාමාන්ය නම් තවදුරටත් ප්රතිකාර මගින් උත්සාහ කල හැකියි. පැලෝපීය නාල අවහිරවී ඇති නම් IVF ප්රතිකාරයට යොමුවීම වඩා සුදුසුයි.
Doctor mage sahodariyata wayasa aurudu 38i.. aya vivaha vi danata aurudu 6k wenava.. eth ayata thamath darupala naha.. aya IUI ekada thunvathavakma kala.. eheth sarthaka une naha.…
තවදුරටත් පරීක්ෂණ අවශ්යදැයි තීරණය කිරීමට ඇගේ කලින් සිදුකල පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. සියළුම පරීක්ෂණ සාමාන්ය නම් නැවත IUI කිරීම හෝ IVF ප්රතිකාරය වෙත යොමු වීම අවශ්ය විය හැකියි.