නම: Is*** | වයස: 25
ගැටළුව

මා විවාහ වී දැනට මාස 2යි. මම දරුවෙකු හැදීමට බලාපොරෝත්තුවෙන් සිටිමි. පාසල් යන කාලයේදී මට රුබෙල්ලා එන්නත විද ගැනීමට නොහැකි විය. එම නිසා එය විද ගැනීමට සුදුසු කාලය කුමක්ද? රුබෙල්ලා එන්නත විදීමෙන් අනතුරුව දරුවෙකු සෑදීමට මාස 3ක් බලා සිටිය යුතුද? නැතිතම් , දරුවෙකු පිලිසිද ගත් පසු එන්නත විදිය හැකිද? නැත්නම් සුදුසුම කාල පරිච්ඡේදය කුමක්ද?

පිළිතුර


රුබෙල්ලා එන්නත ලබාගෙන මාස තුනක් පමණ ගැබ් ගැනිමෙන් වැලකී සිටීමට නිර්දේශ කරන්නෙ. ඒ නිසා ඔබ දැන්ම එන්නත ලබා ගත හොත් තව මාස තුනකට උපත් පාලන ක්‍රමයක් අනුගමනය කල යුතුයි. ගර්භණී කාලයේ මෙම එන්නත ලබා දීම සුදුසු නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)