Skip to main content
ප්‍රශ්නය

රුබෙල්ලා එන්නත ගත්තාට පස්සේ මාස 3ක් ඉන්න ඕනද?

Must you wait three months after the rubella vaccine?

මා විවාහ වී දැනට මාස 2යි. මම දරුවෙකු හැදීමට බලාපොරෝත්තුවෙන් සිටිමි. පාසල් යන කාලයේදී මට රුබෙල්ලා එන්නත විද ගැනීමට නොහැකි විය. එම නිසා එය විද ගැනීමට සුදුසු කාලය කුමක්ද? රුබෙල්ලා එන්නත විදීමෙන් අනතුරුව දරුවෙකු සෑදීමට මාස 3ක් බලා සිටිය යුතුද? නැතිතම් , දරුවෙකු පිලිසිද ගත් පසු එන්නත විදිය හැකිද? නැත්නම් සුදුසුම කාල පරිච්ඡේදය කුමක්ද?

අසන ලද්දේ: Is*** · වයස 25

රුබෙල්ලා එන්නත ලබාගෙන මාස තුනක් පමණ ගැබ් ගැනිමෙන් වැලකී සිටීමට නිර්දේශ කරන්නෙ. ඒ නිසා ඔබ දැන්ම එන්නත ලබා ගත හොත් තව මාස තුනකට උපත් පාලන ක්‍රමයක් අනුගමනය කල යුතුයි. ගර්භණී කාලයේ මෙම එන්නත ලබා දීම සුදුසු නැහැ.