VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
mata aurudu 2ka Babek innawa.tawa babek hadanna balaporottuwen inne.et mage bittara Moranne na. mata eyata behet dunna. a behet biwama pasu kaleka bade Gedi sadeida? cancer hadeida…
වෛද්ය උපදෙස් මත සීමිත කාලයකට මෙම ඖෂධ ලබා ගැනීම නිසා පිළිකා වැනි දරුණු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ.
mn mry krla masa 5i mage yati bade wedanawak konde wedanawak enawa hitapu gaman dakunu urahise wedanawak danenawa muthra pita kirimedi wedanawak danenawa meya kumana rogi tatwayakd…
මේ ගැන වැඩිදුර පරීක්ෂාවකින් තොරව හරියටම හේතුවක් පැවසීම අපහසුයි.
Mama mary karaĺa masa 3. Wenada dina 28 warak osap una. Namut jan 29 osap wela march 9 nawata osap une. Mama daruwekta asawen inne. Karunakara mata upades denna.
මෙය සාමාන්ය තත්වයක්. දිගටම ඔසප් චක්රය අක්රමවත් නම් ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදු වේදැයි දැන ගැනීමට පරීක්ෂා කර බැලීම සුදුසුයි.
Dr.mama badala awurudu 2 k wenawa..mama pregenant wela masa 2 , mada 3 weddi bleed wela desarayakma (2 times)baba nati una..mata ai babak hadanna bayai.pls mata wisadumak denna doc…
බොහෝවිට මුල් මාස තුන තුල සිදුවෙන ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයන්. එය නැවත ඇති වීමට ඇති ඉඩකඩ අඩුයි. ඒ නිසා නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ගැබ් ගත් වහාම වෛද්ය උපදෙස් ලබා ගන්න.
Doctor, Dimba merima sandaha hondama tablet eka mokakda? Folistim or Litove
එලෙස වඩා හොඳ ඖෂධයක් නිර්දේශ කරන්න බැහැ. අවස්තාව අනුව එය වෛද්ය වරයා තීරණය කරන්නේ. Clomiphene citrate (Folistim) ඩිම්බ මේරීම සඳහා බහුලව භාවිතා කරනව. Letrozole ඖෂධය සමහර රටවල භාවිතයෙන් ඉවත් කර තිබෙන ඖෂධයක්.
Doctor, I had a pain in my belly area (yati bada) in every 16 th day on my periods. Is it normal?
Yes. This is normal. This may be related to ovulation (release of egg from you ovary)
වෙද්යතුමනි, මා විවාහ වී දැනට අවුරැදු තුනකි. අප හිතා මතාම දරැවකු හදා ගැනීම පසු කලේය. නමුත් මීට මාස තුනකට පෙර සිට දරැවෙකු හදා ගැනීමට උත්සහ කල නමුත් දරැ පිලිසිද ගැනීමක් සිදු නොවුනි.…
සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්රමාද වෙන්න පුළුවන්. ඔබ දෙදෙනා ගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ කර බැලිය හැකියි.
doctor scan ekakadi masa 3 babek penne nathi wenna hethu monawada??
බබා මාස තුනට වඩා අඩු වයසක් වීම නිසා ස්කෑන් පරීක්ෂණයෙන් හඳුනා ගන්න බැරිවෙන්න පුළුවන්. ඊට අමතරව ගබ්සාවීමක් නිසා හෝ දරු ගැබ ගර්භාෂයෙන් පිටත පිහිටීම නිසාත් ස්කෑන් පරීක්ෂණයේදී ගර්භාෂය තුල දරු ගැබක් නොපෙනීමට හේතු වෙනව.