VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.postinor digu kalinawa bawitha kirima nisa babala nathi weemata idak tiyenawada?
මේ නිසා මදසරු බව ඇති වෙන්නෙ නැහැ. නමුත් මෙම ඖෂධ දිගින් දිගටම ලබා ගැනීම සුදුසු නැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක් වෙනව. http://www.vog.lk/540-emergency-contraception.php
Doctor,mn babek balaporoththuwen dan masa kihipayak wenawa.eth thama na.ligikawa ek wimen tika welawakata pasu yoni margayen yam drawayak pita wenawa.meya pahadili kara denna
සමහරවිට දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්රමාද වෙන්න පුළුවන්. එය සාමාන්යයි. සංසර්ගයෙන් පසු ශුක්ර තරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්ය තත්වයක්. එය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි.
docter garbani wenda kalin idan mata usna adika ahara kanda ba. danihen patha kasala thuwala enawa. Ath garbani unata passe e lede hodatama adu una. Dn usna kama kawa kiyala thuwal…
නැහැ. මෙය මිත්යා මතයක්. ඔබ සඳහන් කරන තුවාල ඇති වෙන්නේ ප්රතිශක්ති පද්දතිය සම්බන්ධ රෝග තත්වයක් නිසා. ගර්භණී කාලයේ එම රෝග තත්වයන් යටපත් වෙනව. එමගින් දරුවාට හානියක් වෙන්නෙ නැහැ.
doctor mata kalin laparoscopy akak kala dan nawatha endometriyam awith gedi 3_4kma thiyanawa kiyala scan kalama kiwwa me sadaha nawatha laparascopy kala nohakida oparesan kirima an…
එන්ඩොමෙට්රියෝසිස් තත්වය නැවත නැවත ඇති වෙන්න පුළුවන්. මෙය සම්පූර්ණයෙන් ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කර හැකි ඉක්මණින් ගැබ් ගැනීම තමය ඔබට සුදුසුම ප්රතිකාර ක්රමය වෙන්නේ.
Doctor mama dan masa 4ka pamana sita babekta try karanawa.maget husbandget kisima gataluwak na kiwa checkup walin pase.mata Vog OVAFIN 100mg mensas wee 2weni dawase idan 5days gana…
මෙම ඖෂධය ලබා දෙන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමටයි. ඒ සමග ඩිම්බ එකකට වඩා මේරීමට ඉඩකඩ තිබෙනව. බොහෝ විට එක ඩිම්බයක් පමණයි පිටවෙන්නේ.
Mama ekdaru mawak. Awurudu eka hamarak thisse upath paalana pethi bhawitha karanawa. Deergha kaalinwa bhawitha kireema nisa pasu kalekadi saukya getalu athiwiya hekida?
ඔබට හෘදයාබාධ අධික රුධිර පීඩනය වැනි රෝග තත්වයන් නැති නම් මෙය ගැටළුවක් වෙන්නේ නැහැ. නමුත් ඔබට දීර්ඝ කාලයක් උපත් පාලනය කිරීමට අවශ්ය නම් මීට වඩා පහසු දිර්ඝ කාලීන උපත් පාලන ක්රම තිබෙනව.
Is there a more possibility to conceive a baby boy by IUI
No. Possibility is 50%.
Dr.. h mollar pregnancy kiyanne Mokakda. .?
සමහර අවස්තාවලදී ඩිම්බයක් පිළිසිඳ ගැනීම සිදුවුවත් සාමාන්ය පරිදි කලලයක් ඇති වෙන්නේ නැහැ. නමුත් එම සෛල දිගටම වර්ධනය වී වැදෑමහ වැනි පටකයක් ඇති කරනව. මෙය H. Mole ලෙස හඳුන් වනව. මෙය දරුවෙක් ලෙස වර්ධනය වෙන්නේ නැහැ. එම නිසා ඉක්මණින් වෛද්ය උපදෙස් මත මෙය ඉවත් කිරීමට අ…