VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr,laparoscopy test eka wedanakareeda..kochchara dawasakata passe hospital eken discharge wenna puluwanda?
මෙය සිහි නැති කර සිදු කරන නිසා ඔබට ඒ අවස්තාවේ වේදනාවක් දැනෙන්නෙ නැහැ. ඉන් පසු බොහෝවිට එදිනම රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනව.
Dr. Apa lingikawa ekathu u pasuwa shukranu yoni pradeshayen eliyata enawa.meya pregnant wema sadaha badawakda??
නැහැ. මෙය සාමාන්ය තත්වයක්.
Dr. Man marry kerela 1 year 3 months. Api daruwek hadana hituwe december walin passe idala danata 2 times try kerela tiyenewa. Eth tama negative. Mata me mase menses wene tibune ad…
නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න. සුද යාම ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
doctor, mage gf date une feb.15. Eyata 17 wenida weddi hoda una. Api apahu ekata ekathu una 20 wenida. Doctor mata dena ganna ona api ekathu une saru kalayedida ? Saru kalaya kiyan…
සරු කාලය කියන්නේ ගැබ්ගැනීමට ඇති හැකියාව වැඩිම කාල සීමාව. නමුත් ඉන් පිටත ඕනෑම දිනයක ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.
Doctor mama wiwaha wela danata awruddai masa 6 wenawa.wiwaha unu dinaye itama daruwek balaporoththu unada eya sidu une ne.mage mensas dawas 30 hariyatama wenawa.ema nisa ma awrudda…
සියළුම පරීක්ෂණ සාමාන්යව තිබියදී පිළිසිඳ ගැනීමක් සිදු නෙවෙන නිසා නැවත කිහිප වරක් IUI කිරීම සුදුසුයි. එයත් අසාර්ථක නම් IVF ප්රතිකාරය අවශ්ය වීමට ඉඩකඩ තිබෙනව.
doctor man marry karanne inne mage massinawa.ape daruwan rogi daruwan wewida kiyala kal thiya denaganna puluwan test thiyenwada. Jana parikshawakin e bawa hariyatama denaganna pulu…
බැහැ. කලාතුරකින් ඇතිවිය හැකි ජානමය රෝග තත්වයන් අති විශාල සංඛ්යාවක් තිබෙන නිසා එම සියළුම රෝග තත්වයන් කලින් පරීක්ෂා කිරීමෙන් දැන ගන්න අපහසුයි. නමුත් මෙවැනි රෝග තත්වයන් එතරම් සුලබ නැති නිසා ඔබට සාමාන්ය දරුවන් ලැබීමට හැකියාව තිබෙනව.
mensas walin pasu daru pilisida geneemata hodama dina monawada
සරු කාලය ඔබේ ඔසප් චක්රයේ දින ගණන අනුව වෙනස් වෙනව. ඔසප් චක්රයේ දින ගණන සහ අවසන් වරට ඔසප් වූ දිනය පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න. http://www.vog.lk/fertility.php
Mage babata masa 7 babage bara 1.300 g bara adu aka mokada karanne aka palapanawada babata
බර අඩු නමුත් දරුවා නිරෝගී නම් ප්රසූතියෙන් පසු සාමාන්ය ලෙස බර වැඩි වෙනව. මේ ගැන දැන ගැනීමට වරින් වර ස්කෑන් පරීක්ෂා කර බැලිය යුතුයි.