නම: de *** | වයස: 32
Dr.Api marry karala 3year.husbund vidasha gatha wela inne.ohu massa 3n,4n lankawata awilla dina 20k pamana mehi hidinawa.a paminena hama wathawema saru kaalaya allala thamai paminenne.namuth Apita thaama babala ne.mage wayasath akka mata ikmanata babek hada ganna one.mama kala uththe kumakda.plz udau karanna.iui kirima sadaha dlina 20ka kaala simaawa thula parikshana adi ya kota iui kala hakida
පිළිතුර

IUI සඳහා සැලසුම් කිරීමට සහ ප්‍රතිකාර වලට මාසයක් පමණ අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැන ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ME *** | වයස: 32
MATA MAGE 1ST BABY NATHI UNA 5 YEARS BEFOR( SEPTICEYMIA GROUP B ,) ITAPASSE IUI KARA 3 SARAYAK MISCOURAGE UNA ,DAN MAMA AYTH NORMAL IDALA DAN 3MNTH PREGNT , MAMA DELIVRY EKA CESERION EKATA YANA EKA HODAI DA?? KIYALA DANA GANA ONEE
පිළිතුර

සිසේරියන් සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 38
.මට බාබාල 4ඉන්නවා දැනටLR.T.කරලා මට ආයෙත් බබෙක් හදාගන්නෙ කොහොමද
පිළිතුර

මෙය ස්ථිර සැත්කමක්. නැවත දරුවෙක් හැදීමට නම් IVF ක්‍රමයට හෝ නැවත සැත්කමකට යොමුවීම අවශ්‍ය වෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: DI *** | වයස: 30
Docter mata iui ekak kara.eya sidu kirimedi vog dctr kiuwa mage geb gela thadai,iui eka sarthaka weida danne ne kiyala.ese weemata hethuwa kumakda docter? geb gela thada weema welekwimata prathikara thibeda.
පිළිතුර

මෙය දිගටම පවතීනම් සිහි නැති කර ගැබ් ගෙල පරීක්ෂා කර බලා අවහිරතාවයක් ඇති නම් එය ඉවත් කරන්න පුළුවන්. ඉන් පසු නැවත IUI සඳහා උත්සාහ කිරීම සුදුසුයි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 30
doctor mata endometriosis 2 tiynwa.laparoscopy kala 2017march waladi.eth blader eka lagai thawat thenakai eewa ain krnna amarui kiyla mage doc. kiwwa.eeta passe digatama folicals mature wenna medicine gatta.iui 3k kala.bt success na.mata thawamat pregnant wenna kochchara witara chance1tiyanwada doctor?mokada endometriosis tiyana aya laparoscopy eken passe ikmanata pregnant wenna try krnna oni kiynwane.
පිළිතුර

එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නැවත ඇති වෙන්න පුළුවන්. සැත්කමෙන් පසු මාස 3ක් වත් එය පාලනය කිරීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගෙන ඉන් පසුව IUI කිරීම වඩාත් සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]