VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor pregnant kalaye lakul kekkuma hadena eka saamanyada?neththam eka daru gabata haniyak bawa danwana deyakda?plz doctor. Ikmanin pulithurak Denna
කකුලේ වේදනාව නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. මෙයට හේතුව සොයා බැලීමට ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Sir, Profertil tablet eke denne kumak sadahada?
ඩිම්බ මේරීම උත්තේජනය සඳහා දෙන clomiphene citrate ඖෂධය විවිධ නම් වලින් ලබා ගැනීමට හැකියි. ඔබේ වෛද්ය වරයාගෙන් මෙම ඖෂධය නියම කිරීමට හේතුව අසා දැන ගන්න.
dr dimba moranna behet bila mences heduna dawase idan kiweni dawaseda scan ekata yanna ona dr.
ඔසප් විමේ සිට දින 11ත් 13ත් අතර කාලයේ මෙම ස්කෑන් පරීක්ෂණය සිදු කල හැකියි. ඔබේ වෛද්ය වරයා උපදෙස් දී ඇති පරිදි කටයුතු කරන්න.
Thanks doctor for your responses for previous questions. mage doctor dye test ekak magin mage falopian tube block bawa kiwwa.eya treatment magin hoda kala hakida? three years marri…
පැලෝපීය නාලවල අවහිරතායන් සඳහා ඖෂධ ප්රතිකාර නැහැ. අවහිරතාය ඇති ස්ථානයන සහ තත්වය අනුව සැත්කමක් මගින් නිවැරදි කිරීමට හෝ IVF ප්රතිකාරය අවශ්ය වීමට ඉඩ තිබෙනව. ඔබේ වෛද්ය වරයා ගෙන් වැඩි විස්තර දැන ගන්න.
Mage doctor scan ekak magin womb eke cist ekak tiyena bawata pawasuwa. eya preganant weemata balapanawada? Doctor e sadaha kumak kala yuthuda? Thanks doctor
සාමාන්යයෙන් ගර්භාෂයේ සිස්ට් ඇති වෙන්නෙ නැහැ. ඔබ සඳහන් කරන්නේ ඩිම්බ කෝෂයේ වතුර ගෙඩියක් විය යුතුයි. මෙවැනි ගෙඩි ඉබේම හැකිලී යාමට ඉඩ තිබෙන නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.
Dr. Mage baba Lebune sesar setkamin Mata hiri wetune ne. Wedanawen hitiye. Ehema una hetuwa dena ganna puluwanda
විවිධ හේතු නිසා හිරි වැටීම සම්පූර්ණයෙන් ම සිදු නොවෙන අවස්තා තිබෙනව. නමුත් එවැනි අවස්තාවක සිසේරියන් සැත්කම සම්පූර්ණ කිරීමට වෙනත් ඖෂධ ලබා දීම හෝ සිහි නැති කිරීම අවශ්ය වෙනව. ඔබට එසේ අවශ්ය නොවී ඇති නිසා හිරිවැටීම තරමක් දුරට හෝ සිදුව තිබෙන්න ඇති.
IUI eken pasudina sita progesterone insert kirimen pasu eya hodin absorb weemata kopamana kalayak bed eke wathira sitiya yuthuda?ikman pilithurak balaporoththu wemi.thanks.
ප්රොජෙස්ටරෝන් භාවිතය අත්යවශ්ය නැහැ. එය ඇතුල් කිරීමෙන් පසු විශේෂ ඉරියව්වකින් සිටීමට අවශ්ය නැහැ.
මට දැන් අවු: 5ක විතර ඉදන්ම සුද යෑම තියෙනවා.. මුල් කාලයේ බෙහෙත් ගත්තත් අඩු උනේ නෑ.. සමහර අවස්තා වල සාමාන්ය තත්වයක් වෙන්න ඇති කියලත් හිතුවා. ඒත් doctr දැන් ඒ තත්වය දරුනුයි කියලා හිත…
මෙය සාමාන්ය තත්වයක්. ප්රතිකාර අවශ්ය නැහැ. සුද යෑම නිසා කෙට්ටු වීම හෝ ශරීරය දුර්වල වීම සිදු වෙන්නෙ නැහැ. ඔබට වෙනත් රෝග තත්ත්වයක් අැති දැයි වෙෙද්ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න.