VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata dnganna one kalalayak pilisindagath bawa kaika lakshana walin handunaganme kesedei kiya wisthara athuluwama..
මේ බව කිසිම කායික ලක්ෂණයකින් ස්ථිරව දැන ගැනීමට හැකියාවක් නැහැ. සාමාන්යෙයන් පිළිසිඳ ගැනීමෙන් සති දෙකකට පමණ පසු මුත්රා පරීක්ෂා කිරීමෙන් මෙය දැන ගන්න පුළුවන්. ගර්භණී කාලයේ ඇතිවෙන ලක්ෂණ ඔබට දැනෙන්නේ මෙම කාලසීමාව පසුවූ විටයි.
Dr. Mama marry karala den 7 yrs una. Marry karala 3 month valin mama pregnant una ita passe 4 month valin abortion una. Ita passe den 7 yrs venakam pregnant unema nha Dr. Mama goda…
සමහරවිට කිසිම හඳුනා ගත හැකි රෝග තත්වයක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන අවස්ථා තිබෙනව. එවිට IUI/IVF වැන ප්රතිකාර ක්රමවලට යොමුවීම අවශ්ය වෙනව. ඔබ දෙදෙනාගේම වාර්තා පරීක්ෂාකර බලා සුදුසු ප්රතිකාර ක්රමය තීරණය කල හැකියි.
Mama aurdu 5ka idan carbimazole use kranawa mge thyroxin wadi weemk dakinnta tyna nisa.eka beheth continusly gannakm report normal.but beheth nawayhuwoth aya wadi wenwa.man check k…
ඔබ ගර්භණී වීමට අපේක්ෂා කරන කාලයේ නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ගර්භණී කාලයේ වෛද්ය උපදෙස් අනුව ඖෂධ වෙනස් කිරීමට සිදුවිය හැකියි. මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.
Sir mn sathi 20 gabini yak. Mn threewil 1kin gaman karana wita eya podi bammaka wadila thadin gassimak una. Namuth mata le yamakwath kisi wenasak une na. Namuth mata bayai dctr. Ik…
මින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. බබාගේ දැඟලීම දැනේනම් මේ ගැන කලබල විය යුතු නැහැ. එසේ නැතිනම් ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලීම සුදුසුයි.
Dr,mage kalin prasna seratama pilithuru laba dunnata thanks.mata 10.16 miscarriage ekak una sathi 6n. ita passe mase mata mensas heduna 19. api daruwek balaporoththuwen inne. mata…
මුත්රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නේ ඉරි දෙකම එකම වර්ණයෙන් තිබෙන විට පමණයි. එසේ නැති නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. මුත්රා පරීක්ෂණය පොසිටිව් නම් පමණක් වෛද්ය වරයෙකු හමුවෙන්න.
Dr mage nangita dn aurudu 16 eya big girl kenek une 14y waladi..eyata hariyata dina 28n mensas wenawa..habai dr eyata mensas thiyenne dina 3I meya gataluwakda..?
නැහැ. මෙය සාමාන්ය තත්වයක්
Dr.Gabsa weemakata balabanu labana aharapaana monawada.
සාමාන්යයෙන් එදිනෙදා ආහාරයට ගන්නා ආහාර පාන වර්ග නිසා ගබ්සාවන් ඇති වෙන්නේ නැහැ.
docter daru pilisida ganimak sidi unat opas wenna niyamitha denata konde amaruwa. bada redima wage wedanawan ate wenn puluwanda
දරු පිළිසිඳ ගැනීමකින් පසු සාමාන්ය ඔසප් චක්රය ක්රියාත්මක වෙන්නේ නැති නිසා එවැනි ලක්ෂණ ඇතිවෙන්නේ නැහැ. නමුත් ගර්භණී කාලයේ මෙවැනි සුළු රෝග ලක්ෂණ සුලභව ඇති වෙනව. ඒ නිසා එමගින් ගැබ් ගෙන ඇති බව හෝ නැති බව තහවුරු කරන්න බැහැ.