නම: දි *** | වයස: 35
Docter පැලොපීය නාල දෙකම අවහිර වූ අවස්තාවකදි එය නැවත හදන්නේ කොහොමද?? Laparoscopy නොමැතිව hysterescopy පරික්ෂණයක් පමනක් කල හැකිද?? එය සාර්ථකද??
පිළිතුර

<p>බැහැ. මේ සඳහා සංකීර්ණ ලැපරොස්කොපි සැත්කමක් අවශ්&zwj;ය වෙනව.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ka *** | වයස: 24
Dr. swabhawika pilisidagenimakin thorawa niwun daruwan labagathaheki wenath krama thibeda? thank you!
පිළිතුර

මදසරු බව සඳහා කරන ප්‍රතිකාර වල අතුරු ඵලයක් ලෙස නිවුන් දරුවන් ඇති වෙනව. නමුත් නිවුන් දරුවන් ඇතිවිට ගර්භණී කාලයේ සංකූලතා වැඩි නිසා ප්‍රතිකාර මගින් නිවුන් දරුවන් ලබා ගැනීම සුදුසු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pr *** | වයස: 24
මම විවාහ වෙලා අව්රුදු 1.5 කාලයක් උපත් පාලන ජඩෙල් එකක් බාවිතා කරා .පසුව එය ඉවත් කර මාස 9 කට පසු මම ගැබ් ගෙන ඇති බව දැන ගත්තා . මට දැනගන්න ඕනේ මේ ජඩෙල් එක බැවිතා කරපු එක නිසා මගේ බබාට ප්‍රශ්නයක් වේවිද කියලා මම දැනට සති 6 ක ගැබිනියක් . තවම ඩොක්‌ට ලගට ගියේ නැහැ .
පිළිතුර

<p>නැහැ. ඉන් දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: සම *** | වයස: 26
ඩොක්ටර්, ගැබ් ගැනීමක්ද කියලා නිශ්චිතවම දැන ගන්න මාසයක කාලයක් ගත වෙනවනේ.ඉතිං එ ඇතුලත කාල සීමාවේදි අනිවාරයෙන්ම සුලු ලේ ගැලීමක් සිදු වෙනවමද? එහෙම සිදු නොවෙන්නත් පුලුවන්ද?
පිළිතුර

<p>නැහැ. එවැනි ලේ ගැලීමක් අනිවාර්යයෙන් සිදු වෙන්නෙ නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: pr *** | වයස: 29
doctor, mage palamu daru upatha cesarean surgery ekakin kare.dan masa 4k wenawa. in pasuwa jadella ekak damma.daru upathin masa 3kata pasu.ethek api lungikawa ekathu une na.jadella dammata passe eka wathawak menses had una.namuth Dan masekata wadi Mata menses hadune na.nawatha daru pulisidaganimakata ida thibeda?
පිළිතුර

නැහැ. Jadelle භාවිතා කරන විට සමහර කාන්තාවන්ට ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. එය සාමාන්‍ය තත්වයක්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]