Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

kanya patalaya kedi nethiva thibiyadith daru pilisiganimak siduviya hekida.

පිළිතුර

පුළුවන්.

ni*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage prolactain hormone eka 654...me nisa mata metformine 500mgs dawasata 3 parak 3 months bonna kiwwa.dr.metformin ihatha pawasu hormone adu weemata hakiyawa thiyanwada??prolac…

පිළිතුර

මෙම ඖෂධය ලබා දෙන්නෙ වෙනත් හෝමෝන ගැටළු සඳහායි. ඒ මගින් ප්‍රොලැක්ටින් මට්ටම අඩු වෙන්නෙ නැහැ. ප්‍රොලැක්ටින් හෝමෝන මට්ටම වැඩි නම් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න හැකියාවක් තිබෙනව.

di*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි, මම සති 8 ක ගර්බනි මවක්.ඔක්කාරය වමනය යාම මාස කියක් වෙනකන් තියනවද?

පිළිතුර

තවත් සති 6ක් පමණ මේ තත්වය පවතින්න ඉඩ තිබෙනව.

Sa*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage 1weni baba sathi 7n miscarage una.a june wala 2017.dan six month wenawa thama babek nehe.mage periods date ekath hema masekama dina 8 begin idiriyata gihin wenas wenawa…

පිළිතුර

ඔබේ ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. එසේ නොමැති නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

Ja*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

mage daruwata masa 1hamarai. mata den 4days idan kiri erenne aduwen reta godaak adui ms sadaha gatha heki wishesha aahara beheth , prathikara thibenawada

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න. කිරි දීම නිවැරදි ආකාරයට සිදු වේ නම් කිරි අඩු වෙන්නෙ නැහැ.

sa*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

1)ICSI තාක්ෂණය කියන්නේ කුමක්ද? 2)husbandge reports normal nam ema kramayata yaa nohakida?3)eyata kopamana mudalak waya wenawada?

පිළිතුර

ශුක්‍රාණුවක් ඩිම්බය තුලට ඇතුළු කිරීම මෙම ක්‍රමයේදී සිදු වෙනව. ශුක්‍රාණු සාමාන්‍ය වුවත් මෙම ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. වැයවෙන මුදල ආයතනය අනුව වෙනස් වෙනව.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata sudu patata hama welema diyarayak yanawa.samahara welawata wathura wage.samahara welawata ganakamai.samahara welawata la kahapatata wageth yanawa.meka ledakda?

පිළිතුර

කැසීමක් හෝ දුගඳක් නොමැති නම් මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ආසාදන තත්වයක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. එසේ නම් මීට ප්‍රතිකාර ලබා ගන්න.

Is*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr pregnant wenne kalin folic acide welata amatharawa ganna thawa beheth thiynawada.

පිළිතුර

නැහැ. ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්

Sa*** · වයස 25
පිළිතුර කියවන්න