නාරි වේද පිළිකා (Gynaecological Cancers)
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිලිකා වල වර්ධනයක් දකින්නට ලැබේ. ජාතික පිලිකා මර්ධන ව්‍යාපෘතියේ දත්ත වලට අනුව 2009 වසරේදී කාන්තාව 2000ක් පමණ මෙයට ගොදුරු වී ප්‍රතිකාර ලබා ඇත. එය මේ වනවිට ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. එයට හේතුලෙස වස විස සහිත ආහාර භාවිතය, මානසික ආතතිය, පරිසර දුෂණය වැනි පසුබිම් කරුණු හේතුවුවත් නිශ්චිත වශයෙන් එක් එක් පිළිකාවට හේතුවන කරුණු (risk factors ) ලෙස නොදැක්වේ. ප්‍රධාන නාරි වේද පිළිකා වර්ග 4කි. ඒවා නම්; ගැබ් ගෙල පිළිකා ( Cervical Cancers) ඩිම්බ කෝෂ පිළිකා ( Ovarain Cancers) ගර්භාෂ පිළිකා ( Uterine/endometrial Cancers) පිටත ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පිළිකා ( Vulval Cancers) ඊට අමතරව යෝනි මාර්ගයේ පිලිකා ( Vaginal Cancers) ඉතාමත් කලාතුරකින් දැකිය හැකි අතර, ගැබ් ගැනීමකදී කලලාවාරික පටක නිසි පරිදි වර්ධනය නොවීමෙන් ඇතිවන සංකුලතා ( Gestational trophoblastic disease)  පිලිකා දක්වා වර්ධනය විය හැකිය. එය gestational choriocarcinoma තත්වයක් ලෙස හැඳින්වේ. මේවායින් ඩිම්බ කෝෂ පිලිකා හැර අන් සියලුම පිලිකා බොහොමයක් මූලික අවස්ථාවේම හඳුනාගත හැකි අතර, ප්‍රතිකාර මගින් 100%ම සුව කරගත හැකිය. ඩිම්බ කෝෂ පිළිකාද සාර්ථක සැත්කම් හා නාශක ඖෂධ මගින් වසර 5-10ක් වැනි දිගු කාලයක් පාලනය කල හැකිය. එම නිසා මුලික රෝග ලක්ෂණ ගැන අවබෝධය මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවීමද වැදගත්ය. ප්‍රධාන රෝග ලක්ෂණ පහත දැක්වේ. ගැබ් ගෙල පිළිකා ( Cervical Cancers) අසාමාන්‍ය pap  පරීක්ෂණය මාසික ඔසප්වීම් අතරෙහි වන රුධිර වහනය ලිංගික සංසර්ගයෙන් පසුව වන රුධිර වහනය දුගඳ හමන යෝනි ශ්‍රාවය ඩිම්බ කෝෂ පිළිකා ( Ovarain Cancers) වයස 45 - 50 දී පමණ ඇතිවන බඩේ දැවිල්ල / බඩ පිපුම ( Gastritis තත්වය) කෑම අරුචිය උදරය ඉදිරියට නෙරා  ඒම. ගර්භාෂ පිළිකා ( Uterine/endometrial Cancers) ආර්තවහරණයෙන් පසුව සිදුවන රුධිර වහනය වයස 45 - 50 දී වන අක්‍රමවත් රුධිර වහනය ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පිළිකා ( Vulval Cancers) ලිංගේන්ද්‍රිය තදින් කැසීම / තුවාල/ ගැටිති / ඉන්නන්. සමේ අලුතින් ඇතිවන ලප මෙම රෝග ලක්ෂණ තිබේනම් ළඟම තිබෙන නාරිවේද සායනයට හැකි ඉක්මනින් යොමුවීම වැදගත්ය. මන්ද එය සුව කල හැකි පිලිකාවක මුලික රෝග ලක්ෂණය විය හැකි බැවිනි. එක් එක් පිලිකා ප්‍රතිකාර විධි ගැන හැදින්වීමක් වෙනම ලිපි පෙළක පළවේ...
ගර්භාෂය පහත් වීම. (Pelvic organ prolapse)
ගර්භාෂය සහ යෝනි මාර්ගය කාන්තාවකගේ ශ්‍රෝණි කුහරය තුල රඳවා තබා ගන්නේ ඊට පහලින් පිහිටි මාංශ පේශී සහ බන්ධනි මගින්. නමුත් වයසත් සමග මෙම පටක වල ශක්තිමත් බව අඩු වෙනව. එ් සමගම බොහෝ කාන්තාවන් අත්දකින රෝගී තත්වයක් තමයි ගර්භාෂය පහත් වීම. මෙය සුලබ තත්වයක්. වයස අවුරුදු 50 වැඩි කාන්තාවන් ගෙන් 50% කට පමණ ගර්භාෂය පහත් වීම යම් ප්‍රමාණයකට තිබෙන නමුත් හැමෝටම ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම තත්වයට ප්‍රධාන හේතුව ආර්ථවහරනයට පසු කාන්තාවගේ රුධිරයේ ඊස්ට්‍රජන් නමැති හෝමෝන මට්ටම අඩු වීම. එම නිසා ගර්භාෂය රඳවා තබා ගන්නා මාංශපේශි වල ශක්තිමත් බව අඩු වෙනව. ඊට අමතරව ගර්භණී බව, දරු ප්‍රසූතියේ දී පටක ඇදීමට ලක් වීම, ප්‍රසූතිය සඳහා අඬු භාවිතය, අධික තරබාරු කම, සහ ජානමය සාධක මේ සඳහා හේතු වෙන්න පුළුවන්. දිගින් දිගට පවතින කැස්ස, මල බද්ධය, අධික බර ඉසිලීම වැනි හේතු නිසා ගර්භාෂය පහත් වීම වැඩි වන්න පුළුවන්. මූලික අවස්තාවේදී බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ ඇති වන්නේ නැහැ. මේ නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණ වනුයේ යෝනි මාර්ගය තුල යමක් පහත් වන බව දැනීම ගර්භාෂය පිටතට දැනෙන/ පෙනෙන ලෙස පහත් වීම මුත්‍රා පිට කිරීමේදී අපහසුතා ඇති වීම, මුත්‍රා ආසාදන ඇති වීම මල පහ කිරීමේදී අපහසුතාක් දැනීම ලිංගික සංසර්ගයේ දී අපහසුතාව යක් ඇතිවීම‍   මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් වෛද්‍ය වරයෙකු හමුව පරීක්ෂා කරවා ගෙන ගර්භාෂය පහත් වී ඇති දැයි දැන ගත හැකියි. මෙම තත්වය ප්‍රධාන ආකාර තුනකින් ඇති වෙනව. බහුලව ම දකින්නට ලැබෙන්නේ යෝනි මාර්ගයේ ඉදිරි පස බිත්තිය පමණක් පහත් වීම. මෙය cystocele ලෙස හඳුන්වන අතර සමහර විට ගර්භාෂය පහත් වීමකින් තොරව මෙම තත්වය පමණක් ඇති වෙන්න පුළුවන්. ගර්භාෂය යෝනි මාර්ගය හරහා පහලට පැමිණීම දෙවන ආකාරයයි. යෝනි මාර්ගයේ පිටුපස බිත්තිය පහත් වීම අනික් ආකාරයයි. මෙය rectocele ලෙස හඳුන්වනව. කිසිම රෝග ලක්ෂණයකින් තොරව ගර්භාෂය හෝ යෝනි මාර්ගයේ පහත් වීමක් ඇති බව හඳුනා ගත හොත් එයට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රතිකාර නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ මතයි. රෝග ලක්ෂණ අඩු කර ගැනීමටත් තවදුරටත් ගර්භාෂය පහත් වීම අඩු කර ගැනීමටත් පහත උපදෙස් පිළිපැදීමෙන්ක හැකියාව ලැබෙනව. 1. බර අඩු කර ගැනීම (ව්‍යායාම සහ ආහාර පාලනය මගින්) 2. දිගට පවතින කැස්සක් ඇත් නම් එය ප්‍රතිකාර මගින් පාලනය කිරීම 3. මලබද්ධය ඇතිවීම වළක්වා ගැනීම 4. අධික බර ඉසිලීමෙන් වැළකීම මීට අමතරව pelvic floor exercises ලෙස හඳුන්වන විශේෂිත ව්‍යායාම ක්‍රමය මගින් ගර්භාෂයට පහල ඇති මාංශ පේශීන් ශක්තිමත් කිරීම සිදු කල හැකියි. මෙම ක්‍රම වලින් පාලනය කිරීමට අපහසු ප්‍රමාණයකට ගර්භාෂය පහත් වූ විට ශල්‍ය කර්මයක් මගින් එය නිවැරදි කිරීම සිදු කරන්නේ. ගර්භාෂය පහත් වී නොමැතිව යෝනි මාර්ගය පමණක් පහත් වී ඇති නම් එය නිවැරදි කිරීමට ගර්භාෂය ඉවත් කිරීමකින් තොරව සිදු කල හැකියි.  එසේ නැතිනම් ශල්‍යකර්මයේ දී ගර්භාෂය ඉවත් කර යෝනි මාර්ගය අවට පටක අලුත්වැඩියාව සිදුකරනව. සමහර කාන්තාවන්ට ශල්‍යකර්මයකට පසුවත් නැවත යෝනි මාර්ගය පහත් වීමක් ඇති වී නැවත ශල්‍යකර්මයක් ලක් වීමට සිදු වෙන අවස්ථා තිබෙනව. ශල්‍යකර්මයකට සුදුසු නොවන රෝගීන් සඳහා ලෙස හඳුන්වන වලල්ලක ආකාරයේ උපකරණයක් යෝනි මාර්ගය තුල රැඳවීම සිදු කරනව. මෙමගින් පහත් වී තිබූ අවයව නැවත ඔසවා තබන නමුත් මෙය ස්ථිර ප්‍රතිකර්මයක් නොවෙයි. මෙම රෝග ලක්ෂණ සඟවා තබා නො ගෙන ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් මේ තත්වය නිසා ඇති වන අපහසුතා වන් අවම කර ගන්න පුළුවන්. ..
Vaccination against cervical cancer: Can we prevent cancer?
Even though, cervical cancer is widely known as a preventable cancer, around 900 to 1000 new cases of cervical cancer reported in Sri Lanka every year. This is the second commonest cancer among females in Sri Lanka. Two main prevention strategies have been introduced to prevent this. Traditional cervical cancer screening program with Pap smears can detect this cancer in early stages so that complete cure is possible. The new approach is to prevent cervical cancer by vaccination. The cause for this cancer is infection of the womb neck with Human Papiloma Virus (HPV).  Therefore, if you are  vaccinated against HPV infection it is very unlikely that you will get a cervical cancer in the future. HPV infection is a common infection and it does not usually cause symptoms. Therefore, you do not know whether you are infected with HPV or not. This virus spreads via sexual contact. So even if your daughter waits until marriage for sexual debut, or only has one partner in the future, she could still be exposed if her partner has been infected. Therefore, vaccination is the only effective preventive strategy for HPV infection hence the cervical cancer. This vaccine can prevent most cases of cervical cancer by protecting women against HPV infection. There are many types of HPV virus. However only few types of the virus causes cervical cancer. Two main high risk HPV types are type 16 and type 18. Currently, two types of vaccines providing protection against high-risk HPV types 16 and 18 have been licensed, and both of them are now available in Sri Lanka. 1. The    bivalent    vaccine    (effective against    types    16    and    18    only) 2. The    quadrivalent    vaccine    (contains    additional    protection    against    types    6    and    11,    which    are responsible for 90% of warts in anogenital area). Vaccine does not cause HPV infection because it does not contain active HPV virus. Both vaccines contain virus-like particles (VLPs), which are pieces shaped like the outer surface of a HPV. The vaccines stimulate development of antibodies against these VLPs, which, will prevent HPV infection in case of later exposure. The vaccines can prevent the infection if a girl is vaccinated before her sexual debut. Safety and efficacy of these vaccines are evaluated in clinical trials and considered very safe and effective.  ..
යහපත් දරුවෙකු බිහිකිරීමට ගැබිනි මාතාවන් දිනපතා වැඩිය යුතු මෛත්‍රී භාවනාව
බුදුගුණ අනන්තයි!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවා නිදූක් වේවා!!!!!! නීරෝගි වේවා!!!!!! සුවපත් වේවා!!!!!! ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා!!!!!! ශ්‍රද්ධාවෙන් ශීලයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් වැඩේවා!!!!!! ගුණ නුවනින් පිනෙන් තේජසින් වැඩේවා!!!!!! බෝසත් ගුණයෙන් පිරිපුන් ලෝක සත්වයාට හිත සුව සලසන ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයෙක් ම වේවා!!!!!! දෙමව්පියන්ට වැඩිහිටියන්ට පැවිදි උතුමන්ට සලකන උවටැන් කරන කෘතවේදී අයෙක් ම වේවා!!!!!! පස් පවින් ද දස අකුසලයෙන් ද පඤ්චානන්තර්ය පාප කර්මයෙන් ද පාප මිත්‍ර සේවනෙයෙන්ද වලකීවා!!!!!! ධර්ම ගුණයෙන් භාවනා ගුණයෙන් සම්පූර්ණ දරුවෙක් ම වේවා!!!!!! රට ජාතිය ආගමට මහත් සේවයක් සැලසීමට සමතෙක් වේවා!!!!!! දෙලොවම ජය ගෙන අමා මහ නිවනට යොමුවූ බෝසත් දරුවෙකු ලෙස ඉතා උතුම් සුබ මොහොතකින් සුවසේ උපදීවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් උපදින උපදින සියළු දරුවෝම එසේ වාසනාවන්තයෝ වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මේ අනන්ත වූ සත්පුරුෂ යහ ගුණ වැඩේවා!!!!!! ඊර්ෂ්‍යාව අතහැර දියුණුව දැක සතුටු වීමටත් මමත්වය ඉවත ලා සැමට එක ලෙසින් ආදරය කිරීමටත් ඔහුට/ඇයට හැකි වේවා!!!!!! මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මෛත්‍රිය කරුණාව ලබා දී සැර පරුෂ කම මග හැරවීමටත් පලි ගැනීමෙන් වැලකී සමාව ලබා දීමටත් හැකි වේවා!!!!!! නෑදෑ හිතමිතුරන් වැඩිටියන්ගේ උපදේශවල කලණ මිතුරු බව වටහා ගැනීමටත් මිත්‍රශීලී සහයෝගය ලබාගෙන අමනාපය නැති කිරීමටත් වරදක් සිදු වුනි නම් සමාව ඉල්ලීමටත් හැකි වේවා!!!!!! සැක සංකා නැති විමට සත්‍යාවබෝධයත් බිය නොවී එඩිතර වීමට හැකියාවත් ඔහුට/ඇයට ලැබේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට විශ්වාසය ඇති කර ගැනීමට පැහැදිලි දැනුමත් කේන්ති එන විට ඉවසීමට මනා පුහුණුවත් පිලිගන්නවා වෙනුවට තේරුම් ගැනීමේ ශක්තියත් ලැබේවා. රැවටීමට එරෙහිව උපායශීලී ඥානයත් නො දන්නා බව දැනෙන විට ඉගෙන ගැනීමේ උවමනාවත් ලැබේවා!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට වැටුණු තැනක දී නැගී සිටීමට ධෛර්යයත් පාප ක්‍රියා වෙනුවට පිංසාර සිතත් හිංසාව වෙනුවට අහිංසාවාදී ගුණයත් කම්මැලිකම දුරලීමට ක්‍රියාශීලී ශූරත්වයත් ලැබේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට කළ ගුණ සැලකීමට කෘතවේදී මනුෂ්‍යත්වයත් පීඩාවන් වෙනුවට සහනයත් ලෙඩ රෝග නොමැතිව මනා සෞඛ්‍ය ආරක්ෂාවත් වේදනාවෙන් තොර වූ පහසුවත් හිමි වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට දැවීම වෙනුවට නිවීමත් ලැජ්ජා සිතෙන විට නොපැකිලව ඉදිරිපත් වීමට ප්‍රගතිශීලී හැගීමත් ඇති වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට නැති තැනට ඇති කර ගැනීමට බලයත් හැකියාවත් බැරි තැනක දී හැකි වීමට ධෛර්යයත් උවමනාවත් පරාජය වෙනුවට ජයග්‍රාහී සාර්ථකත්වයත් ලැබේවා!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට කලකිරීම දුරු වීමට පැහැදිලි අවබෝධයත් හිමි වේවා!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔහුට/ඇයට සියලු ආකාරයේ අභියෝග සතුටින් ම දිනා ගැනීමට දුප්පත්කම වෙනුවට පොහොසත් කම උදා කරගන්නට ඥාණ ශක්තිය ධෛර්යය හා හරි මග පැහැදේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මෙන්ම අනෙකුත් උපදින උපදින දරුවන්ට ද මේ අනන්ත වූ සත්පුරුෂ යහ ගුණ වැඩේවා..
සිසේරියන් සැත්කම ගැන හරියටම දැන ගන්න.(Caesarean Section)
දරුවකු මෙලොවට බිහි වන ස්වභාවික ක්‍රමය වන්නේ සාමාන්‍ය ප්‍රසූතියයි. නමුත් සමහර ගර්භණී මවු වරුන්ට සාමාන්‍ය ප්‍රසූතිය නුසුදුසු වන අවස්ථාවල දී, සිසේරියන් සැත්කමක් නිර්දේශ කරනව. දැනට ලංකාවේ සිදු වන දරු උපත් වලින් 1/3ක් පමණ සිසේරියන් සැත්කම් මගින් සිදු වන්නේ. මේ සඳහා පහසුකම් අපේ රටේ බොහෝ මූලික රෝහල වල තිබෙනව. මෙම ශල්‍යකර්මය සඳහා සාමාන්‍යයෙන් පැයකට වඩා අඩු කාලයක් ගත වෙන්නේ. සිසේරියන් සැත්කම නිතරම සිදු කරන සැත්කමක් වුවත් සමහර විට සංකූලතා ඇතිවෙන්න පුළුවන්. එබැවින් මෙය නිර්දේශ කරන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකට සුදුසු නොවන අවස්තාවකදී පමණයි. මෙම සැත්කම සිදු කරන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනව. සැලසුම් කල සිසේරියන් සැත්කම‍ මෙහි දී සිසේරියන් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍යවරු කලින් හඳුනා ගෙන සුදුසු දිනයක සැත්කම සඳහා සැලසුම් කිරීම සිදු වෙනව.    හදිසි සිසේරියන් සැත්කම සාමාන්‍ය ලෙස දරු ප්‍රසූතියට හෝ ඉදිරි දිනයක සිසේරියන් සැත්කමට සැලසුම් කල මවක් ඊට සූදානම් වන කාලය ඇතුළත යම් සංකූලතාවයකට ලක් වුව හොත් හදිසියේ ම සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සංකූලතාවයෙන් දරුවාට හෝ මවට සිදු විය හැකි හානිය අවම කර ගැනීමට මෙම සැත්කම හදිසියේ ම සිදු කල යුතුයි. බොහෝ විට සිසේරියන් සැත්කම සිදු කරන්නේ මව පියවි සිහියෙන් සිටිය දී. නමුත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ශල්‍යකර්මයට පෙර ඇයගේ කොඳු ඇට පෙලට නික්ෂේපණය කරන ඖෂධයක් මගින් නාභියෙන් පහල කොටස හිරිවැටීමට ලක් කරනව. ඉන් පසුවයි ශල්‍යකර්මය ආරම්භ කරන්නේ. ශල්‍යකර්මයට පෙර මුත්‍රා ඉවත් කිරීම සඳහා බටයක් දැමීම සහ යටි බඩ කොටසේ රෝම ඉවත් කිරීම සිදු කරනව. ඉන් පසු මවගේ උදරය මතුපිට පිරිසිදු කර, ජීවානු හරිත ‍රෙදි වලින් වැසීම සිදුකරනව. ඉන් පසු උදරයේ පහලින් හරස් අතට සෙන්ටි මීටර 10ක පමණ කුඩා කැපුමක් යොදනව. මෙය සාමාන්‍යයෙන් bikini line incision ලෙස හඳුන්වන අතර එය යොදන්නේ උදරයේ පහලම යට ඇඳුමකට වැසෙන ප්‍රදේශයේ. ඉන් පසුව සමට යටින් ඇති ස්තරයන් විච්ඡේදනය කරමින් උදර කුහරය තුලට ඇතුල් වෙනවා. ගර්භාෂයේ පහල කොටසේ තවත් තිරස් කැපුමක් යොදා දරුවා සිටින එක විවෘත කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ. වෛද්‍ය වරයා විසින් ප්‍රවේසමෙන් දරුවා එලියට ගැනීමෙන් පසුව පෙකණි වැල කැපීම සිදු කරනවා. ඒ අවස්ථාවේදීම මවට දරුවා දැක බලා ගන්න අවස්ථාව ලැබෙනව. මව් කිරි දීම ශල්‍යකර්මය අවසාන වීමට පෙරම ආරම්භ කල හැකියි. දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඉවත් කර ගර්භාෂයේ ඇතුළත පිරිසිදු කරනව. ඉන් පසුවයි පියවරෙන් පියවර කැපූ ස්තර නැවත තිබූ තත්වයට මැසීම සිදු කරන්නෙ. මෙහි දී ගර්භාෂය, උදර බිත්තිය සහ සමේ මැහුම් දැමීමක් සිදුකරනව‍ ශල්‍යකර්මයෙන් පසුව රුධිර වහනයක් ඇත් දැයි පරීක්ෂා කරනව. ඉන් පසු මවත් දරුවාත් දෙදෙනා ම ශල්‍යාගාරයෙන් ඉවතට ගෙන යනු ලබනව. දෙපාවල හිරි ගතිය පහව යෑමට පැය 4ක් පමණ ගත වෙනව. ඉන් පසු ශල්‍යකර්මයේ වේදනාව දැනීමට හැකි නිසා වේදනා නාශක ඖෂධයක් ගැනීම අවශ්‍යයි. කෑම ගැනීම, මවුකිරි දීම වැනි දේ තනිවම කර ගැනීමට එවිට මවට හැකියාව ලැබෙනව. ශල්‍යකර්මයෙන් පැය 12කට පමණ පසු මුත්‍රා පිට වීමට ඇති බටය ඉවත් කරන අතර, බොහෝ විට නික්ෂේපණ ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ. දෙවන දිනය වන විට ඇඳෙන් බැස තරමක් දුර තනිවම ඇවිදීමට හැකියාව බොහෝ මව්වරුන්ට තිබෙනව. වේදනා නාශක ඖෂධ නිසි පරිදි ලබා ගැනීමත් දිගටම මවුකිරි දීමට කටයුතු කිරීමත් මේ කාලයේ වැදගත් වෙනව. සංකූලතාවයක් ඇති නො වුන හොත් දින 3ත් 5ත් අතර කාලයේ දී මවට රෝහලෙන් බැහැර යාමට හැකියි. ශල්‍යකර්මයේ දී සමට යොදන්නේ බොහෝ විට දිය වන මැහුම්. එවිට මැහුම් ඉවත් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් දිය නොවන මැහුම් වර්ගයක් යොදා ඇත්නම් ශල්‍යකර්මයෙන් දින 5කට පමණ පසුව ඉවත් කර ගත යුතු වෙනව. සාමාන්‍ය එදිනෙදා කටයුතු වල යෙදීම හානිකර නැති වුවත් සති දෙකක් පමණ යන තෙක් බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් වලින් වැළකීම සුදුසුයි. සැත්කමෙන් සති 6කට පසුව නැවත ගැබ් ගැනීමේ අවදානමක් තිබෙන නිසා උපත් පාලන ක්‍රමයක් ආරම්භ කිරීමට ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර ගන්න. Save..