බුදුගුණ අනන්තයි!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවා නිදූක් වේවා!!!!!! නීරෝගි වේවා!!!!!! සුවපත් වේවා!!!!!! ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා!!!!!! ශ්‍රද්ධාවෙන් ශීලයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් වැඩේවා!!!!!! ගුණ නුවනින් පිනෙන් තේජසින් වැඩේවා!!!!!! බෝසත් ගුණයෙන් පිරිපුන් ලෝක සත්වයාට හිත සුව සලසන ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයෙක් ම වේවා!!!!!! දෙමව්පියන්ට වැඩිහිටියන්ට පැවිදි උතුමන්ට සලකන උවටැන් කරන කෘතවේදී අයෙක් ම වේවා!!!!!! පස් පවින් ද දස අකුසලයෙන් ද පඤ්චානන්තර්ය පාප කර්මයෙන් ද පාප මිත්‍ර සේවනෙයෙන්ද වලකීවා!!!!!! ධර්ම ගුණයෙන් භාවනා ගුණයෙන් සම්පූර්ණ දරුවෙක් ම වේවා!!!!!!
රට ජාතිය ආගමට මහත් සේවයක් සැලසීමට සමතෙක් වේවා!!!!!! දෙලොවම ජය ගෙන අමා මහ නිවනට යොමුවූ බෝසත් දරුවෙකු ලෙස ඉතා උතුම් සුබ මොහොතකින් සුවසේ උපදීවා!!!!!!
බුදු ගුණ අනන්තයි!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් උපදින උපදින සියළු දරුවෝම එසේ වාසනාවන්තයෝ වේවා!!!!!!
බුදු ගුණ අනන්තයි!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මේ අනන්ත වූ සත්පුරුෂ යහ ගුණ වැඩේවා!!!!!! ඊර්ෂ්‍යාව අතහැර දියුණුව දැක සතුටු වීමටත් මමත්වය ඉවත ලා සැමට එක ලෙසින් ආදරය කිරීමටත් ඔහුට/ඇයට හැකි වේවා!!!!!! මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මෛත්‍රිය කරුණාව ලබා දී සැර පරුෂ කම මග හැරවීමටත් පලි ගැනීමෙන් වැලකී සමාව ලබා දීමටත් හැකි වේවා!!!!!! නෑදෑ හිතමිතුරන් වැඩිටියන්ගේ උපදේශවල කලණ මිතුරු බව වටහා ගැනීමටත් මිත්‍රශීලී සහයෝගය ලබාගෙන අමනාපය නැති කිරීමටත් වරදක් සිදු වුනි නම් සමාව ඉල්ලීමටත් හැකි වේවා!!!!!! සැක සංකා නැති විමට සත්‍යාවබෝධයත් බිය නොවී එඩිතර වීමට හැකියාවත් ඔහුට/ඇයට ලැබේවා!!!!!!
බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට විශ්වාසය ඇති කර ගැනීමට පැහැදිලි දැනුමත් කේන්ති එන විට ඉවසීමට මනා පුහුණුවත් පිලිගන්නවා වෙනුවට තේරුම් ගැනීමේ ශක්තියත් ලැබේවා. රැවටීමට එරෙහිව උපායශීලී ඥානයත් නො දන්නා බව දැනෙන විට ඉගෙන ගැනීමේ උවමනාවත් ලැබේවා!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට වැටුණු තැනක දී නැගී සිටීමට ධෛර්යයත් පාප ක්‍රියා වෙනුවට පිංසාර සිතත් හිංසාව වෙනුවට අහිංසාවාදී ගුණයත් කම්මැලිකම දුරලීමට ක්‍රියාශීලී ශූරත්වයත් ලැබේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට කළ ගුණ සැලකීමට කෘතවේදී මනුෂ්‍යත්වයත් පීඩාවන් වෙනුවට සහනයත් ලෙඩ රෝග නොමැතිව මනා සෞඛ්‍ය ආරක්ෂාවත් වේදනාවෙන් තොර වූ පහසුවත් හිමි වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට දැවීම වෙනුවට නිවීමත් ලැජ්ජා සිතෙන විට නොපැකිලව ඉදිරිපත් වීමට ප්‍රගතිශීලී හැගීමත් ඇති වේවා!!!!!!
බුදු ගුණ අනන්තයි!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට නැති තැනට ඇති කර ගැනීමට බලයත් හැකියාවත් බැරි තැනක දී හැකි වීමට ධෛර්යයත් උවමනාවත් පරාජය වෙනුවට ජයග්‍රාහී සාර්ථකත්වයත් ලැබේවා!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට කලකිරීම දුරු වීමට පැහැදිලි අවබෝධයත් හිමි වේවා!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔහුට/ඇයට සියලු ආකාරයේ අභියෝග සතුටින් ම දිනා ගැනීමට දුප්පත්කම වෙනුවට පොහොසත් කම උදා කරගන්නට ඥාණ ශක්තිය ධෛර්යය හා හරි මග පැහැදේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මෙන්ම අනෙකුත් උපදින උපදින දරුවන්ට ද මේ අනන්ත වූ සත්පුරුෂ යහ ගුණ වැඩේවා
SHARE THIS WITH FRIENDS ON