නාරි වේද පිළිකා (Gynaecological Cancers)
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිලිකා වල වර්ධනයක් දකින්නට ලැබේ. ජාතික පිලිකා මර්ධන ව්‍යාපෘතියේ දත්ත වලට අනුව 2009 වසරේදී කාන්තාව 2000ක් පමණ මෙයට ගොදුරු වී ප්‍රතිකාර ලබා ඇත. එය මේ වනවිට ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. එයට හේතුලෙස වස විස සහිත ආහාර භාවිතය, මානසික ආතතිය, පරිසර දුෂණය වැනි පසුබිම් කරුණු හේතුවුවත් නිශ්චිත වශයෙන් එක් එක් පිළිකාවට හේතුවන කරුණු (risk factors ) ලෙස නොදැක්වේ.
ප්‍රධාන නාරි වේද පිළිකා වර්ග 4කි. ඒවා නම්;
- ගැබ් ගෙල පිළිකා ( Cervical Cancers)
- ඩිම්බ කෝෂ පිළිකා ( Ovarain Cancers)
- ගර්භාෂ පිළිකා ( Uterine/endometrial Cancers)
- පිටත ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පිළිකා ( Vulval Cancers)
ඊට අමතරව යෝනි මාර්ගයේ පිලිකා ( Vaginal Cancers) ඉතාමත් කලාතුරකින් දැකිය හැකි අතර, ගැබ් ගැනීමකදී කලලාවාරික පටක නිසි පරිදි වර්ධනය නොවීමෙන් ඇතිවන සංකුලතා ( Gestational trophoblastic disease) පිලිකා දක්වා වර්ධනය විය හැකිය. එය gestational choriocarcinoma තත්වයක් ලෙස හැඳින්වේ.
මේවායින් ඩිම්බ කෝෂ පිලිකා හැර අන් සියලුම පිලිකා බොහොමයක් මූලික අවස්ථාවේම හඳුනාගත හැකි අතර, ප්‍රතිකාර මගින් 100%ම සුව කරගත හැකිය. ඩිම්බ කෝෂ පිළිකාද සාර්ථක සැත්කම් හා නාශක ඖෂධ මගින් වසර 5-10ක් වැනි දිගු කාලයක් පාලනය කල හැකිය.
එම නිසා මුලික රෝග ලක්ෂණ ගැන අවබෝධය මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවීමද වැදගත්ය. ප්‍රධාන රෝග ලක්ෂණ පහත දැක්වේ.ගැබ් ගෙල පිළිකා ( Cervical Cancers)
- අසාමාන්‍ය pap පරීක්ෂණය
- මාසික ඔසප්වීම් අතරෙහි වන රුධිර වහනය
- ලිංගික සංසර්ගයෙන් පසුව වන රුධිර වහනය
- දුගඳ හමන යෝනි ශ්‍රාවය
ඩිම්බ කෝෂ පිළිකා ( Ovarain Cancers)
- වයස 45 - 50 දී පමණ ඇතිවන බඩේ දැවිල්ල / බඩ පිපුම ( Gastritis තත්වය)
- කෑම අරුචිය
- උදරය ඉදිරියට නෙරා ඒම.
ගර්භාෂ පිළිකා ( Uterine/endometrial Cancers)
- ආර්තවහරණයෙන් පසුව සිදුවන රුධිර වහනය
- වයස 45 - 50 දී වන අක්‍රමවත් රුධිර වහනය
- ලිංගේන්ද්‍රිය තදින් කැසීම / තුවාල/ ගැටිති / ඉන්නන්.
- සමේ අලුතින් ඇතිවන ලප
මෙම රෝග ලක්ෂණ තිබේනම් ළඟම තිබෙන නාරිවේද සායනයට හැකි ඉක්මනින් යොමුවීම වැදගත්ය. මන්ද එය සුව කල හැකි පිලිකාවක මුලික රෝග ලක්ෂණය විය හැකි බැවිනි.
එක් එක් පිලිකා ප්‍රතිකාර විධි ගැන හැදින්වීමක් වෙනම ලිපි පෙළක පළවේ.