Laparoscopic hysterectomy
This procedure is a minimally invasive way remove the womb. You need to have a medical check-up before the operation. This includes a history, physical examination, ultrasound scan, ECG and some blood tests. This surgery is done under general anaesthesia (while you sleep). During this operation, a tiny camera is inserted into the tummy through a small (1 cm) cut made inside the navel.  The gynaecologist can see inside of your tummy on a TV screen connected to the camera while performing the procedure. Three other smaller cuts are made on your lower tummy in order to insert other instrument during the procedure. This surgery has many variants. Your doctor will guide you to select the most suitable operation for you. Most women undergo operation to remove only the uterus leaving ovaries behind. This is called total laparoscopic hysterectomy (TLH). If the ovaries are left behind you do not need to take hormones and you will not experience menopausal symptoms. You can choose to keep the cervix, and in this case it is called laparoscopic supracervical hysterectomy. If the cervix is left behind, there is 5% chance for you to have menstrual periods and you need to continue regular pap smears.   The traditional surgery to remove womb is done through a 12 – 15 cm log cut on lower tummy while laparoscopic operation requires only a few small cuts. Blood loss during operation is much less on laparoscopic operation and many women walks on the same day after the operation. Most patients go home on the same day or on the following day after their surgery. Recovery time is much faster and you can get back to your normal work within 1 – 2 weeks. Risks of infection, scar tissue formation, blood loss are very low in laparoscopic procedure compared to traditional open procedure.   Pain after the operation is less compared to traditional hysterectomy or caesarean section. Pain killer tablets are usually enough during post-operative period. Women can resume exercise and sex within few weeks after the operation. Following patient education video is a publication of The Royal College of Obstetricians and Gynaecologists (UK).  ..
අන්තර් ගර්භාෂිත ලූපය (IUD)
අන්තර් ගර්භාෂිත ලූපයක් (intra uterine device) පැලදීම කාලයක් පවත්වා ගත හැකි පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස හැදින්විය හැකිය. දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන අන්තර් ගර්භාෂිත ලූපයක් සාමාන්‍යයෙන් වසර 10ක කාලයක් පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස පවත්වා ගත හැකිය. මෙහි ප්‍රධානතම වාසිය වන්නේ ලූපය පැලද සිටින විට නැවත නැවත සායනයකට යෑමට අවශ්‍ය නොවීමයි. ඕනෑම පවුල් සැලසුම් සායයනයකින් මෙම ලූපයක් පැලදීමට  හැකි වීම එය ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය වීමටද හේ තු වී තිබේ. දැනට එක් දරුවකු ප්‍රසුත කළ මවකට සුදුසු දිගුකාලීන පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස අන්තර් ගර්භාෂිත ලූපය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි. එසේ නොමැතිව එනම් දරුවකු ප්‍රසුත නොකළ කාන්තාවකට වුවද අන්තර් ගර්භාෂිත ලූප පවුල් සැලසුම් ක්‍රමය අනුගමනය කළ  හැක. එහෙත් ඒ සඳහා නාරිවේද හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගත යුතුය. සෙන්ටිමීටර 3 ක පමණ විශාලත්වයකින් යුතු අන්තර් ගර්භාෂිත ලූපයක් යෝනිමාර්ගය ඔස්සේ ගැබ්ගෙල හරහා ගර්භාෂයට ඇතුල් කිරීම සිදු කෙරේ. එහිදී සියුම් වේදනාවක් ඇතිවිය හැකි වුවද වේදනා නාශකයක් ගැනීමට තරම් එය තද බල වේදනාවක් නොවේ වේ. ලූපයක් පැලදීමෙන් අනතුරුව දින 2 ක් හෝ 3 ක් ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කිරීම අනුමත කරනු ලබන අතර විෂබීජ ආසාදනයන් අවම කිරීම එමගින් අපේක්ෂා කෙරේ. එහෙත් බොහෝවිට ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කිරීම අනිවාර්ය වන්නේ නොමැත. අන්තර් ගර්භාෂිත ලූපයක් පැලදීමේදී සංකුලතා ඇතිවීම අවමවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි. එසේ උවද ඇතැම්විට ලූපය පැලද දින කිහිපයකදී විෂබීජ ආසාදන හේතුවෙන් බඩේ කැක්කුමක් හෝ අපහසුතාවක් මතුවුවහොත්  වහා වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය. දිගුකාලීනව සැලකීමේදී ලූපයක් මගින් සිදුවන සංකුලතා අවම මට්ටමක පවතී, එහෙත් ඇතැම් කාන්තාවන්ට අධික රුධිර වහනයක් හෝ තදබල බඩේ කැක්කුමක් ඇතිවන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවකදී නාරිවේද හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීම කළයුතුය. එහෙත් එහිදී ලූපය ඉවත් කිරීමට සිදු නොවනු ඇත. ඇතැම්විට දිගුකාලීනව සැලකීමේදී සමහරක් කාන්තාවන්ට කලාතුරකින් ලූපය හා සම්බන්ධ නුල යෝනි මර්ගයේ  පිටතට පැමිණිය හැකි අවස්ථා තිබේ. එවැනි අවස්ථාවකදී වෛද්‍ය සහය  පැතිය  යුතුය. වසර 10 කින් පසු අන්තර් ගර්භාෂිත ලූපය ඉවත් කර නව ලූපයක් පැලදීම හෝ වෙනත් දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයක් අනු ගමනය කිරීම සිදු කළ හැක.   ..
Morning Sickness - Nausea and Vomiting in Pregnancy
This is one of the most common symptoms reported by pregnant women. Up to 70% of pregnant women experience nausea during early pregnancy. It is traditionally considered as a sign of pregnancy and usually does not cause any harm to the pregnancy except the discomfort to the mother. The belief that nausea is a sign of healthy pregnancy is partly true and likelihood of abortion is less among women who suffer from morning sickness. Cause for this distressing symptom is not properly understood. However it is related to a pregnancy hormone called Human Chorionic Gonadotropin (hCG) which is produced by the placenta. Level of this hormone is higher during early pregnancy when the nausea is also common. In addition women with twin pregnancy or molar pregnancy (an abnormal pregnancy condition) suffer from severe nausea and their hCG hormone level is much higher. Although this is called morning sickness, many women experience nausea throughout the day. This usually starts around 8th week of pregnancy and lasts until 16 - 18 weeks. It is very uncommon for morning sickness to appear later. If morning sickness appears for the first time after 12 weeks, further tests are necessary to exclude other medical problems. This does not affect your baby unless you get a severe form of vomiting in pregnancy called Hyperemesis Gravidarum. In Hyperemesis Gravidarum pregnant woman needs admission to hospital because she can not tolerate meals or drinks. It is advisable to seek medical advise in the presence of following symptoms with vomiting Dark urine or very small volume of urine Vomiting blood Pain in the tummy and fever Unstoppable, repeated vomiting Feeling faintness Mild nausea and occasional vomiting are common and do not need any treatment. Avoiding trigger factors like foods and smells that cause nausea is helpful. In addition, keep yourself calm by avoiding stresses. You may try to eat a balanced diet. However, just eat whatever you can cope with if this is not possible. You may be having odd or limited food choices for a sometime. You may only be able to manage crackers, bread or snacks for a month, but try not to worry. There will be enough time for you to eat healthily once you are over your sickness. ..
ගර්භනී කාලයේ අවසාන මාස කිහිපයේ රුධිර වහනය
මෙය සුලභ දෙයක් උනත් සමරහර විට ඉතාමත් අවධානම් තත්වයක පූර්ව ලක්ෂණයක් විය හැකිය. එ් නිසා ගර්හනී මවකට රුධිර වහනයක් වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. දරු ප්‍රසූතියට ආසන්න වන විට යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල ස්‍රාවයන් සමග මිශ්‍රව සුළු රුධිර පිටවීමක් සිදුවිය හැකියි. එවැනි අවස්ථාවක දරුවා ලැබීම සඳහා සූදානම්ව රෝහල් ගතවීම වඩාත් සුදුසුයි. මීට පෙර එවැනි රුධිර වහනයක් සිදුවුව හොත් එයට හේතුව වැදෑමහේ සංකූලතාවයක් විය හැකියි. වැදෑමහ සාමාන්‍යයෙන් පිහිටන ස්ථානයට වඩා පහලින් පිහිටීම placenta previa ලෙස හඳුන්වනව. මෙම තත්වය නිසා සමහරවිට දැඩි රුධිර වහනයක් ඇති වන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඉකමනින් රෝහල් ගත වීම ඉතාමත් වැදගත්. නැතිනම් මවගේ ජීවිතයට පවා හානි වෙන්න පුළුවන්. නමුත් මෙම තත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් කලින් හඳුනා ගැනීමට හැකියාවක් තිබෙන නිසා ඔබට එවැනි තත්වයක් ඇතිනම් ඔබේ වෛද්‍ය වරයා කල් ඇතිව ඒ ගැන ඔබට පවසාවි.   වැදෑමහ පහලින් පිහිටන අවස්ථා සමහර අවස්ථාවලදී වැදෑමහ දරුප්‍රසූතියට පෙර ගර්භාෂ බිත්තියට සවිවී ඇති ස්ථානයෙන් ගැලවෙන්න පුළුවන් එවැනි අවස්ථාවකදී රුධිර වහනයක් සිදුවන අතර මෙය ඉතා ඉක්මනින් හඳුනා නොගතහොත් දරු ගැබට පවා හානි වෙන්නnපුළුවන්. Placental abruption ලෙස හඳුන්වන්නේ  මේ තත්වයයි. වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් ගැලවී ඇති අවස්ථාවක්..
මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)
ඔබ දරු ඵල  අපේක්ෂාවෙන් වසරකට වඩා වැඩි කාලයක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසුවත් ගැබ් ගැනීමක් සිදු නොවූ නි නම් ඔබට මදසරුභාවය ඇතැයි සලකන්න පුළුවන්. බොහෝ දුරට මෙය රෝගී තත්වයක් නොවෙයි . සාමාන්‍යයෙන් තරුණ යුවළක් අනාරක්ෂිත (උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර) ලිංගික සංසර්ගයේ යෙදුනහොත්, එම කාන්තාව ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව පලමු මාසයේ දී 30%යි, මාස හයක් අවසානයේ දී 75%යි. ඔවුන් වසරක කාලයක් අඛණ්ඩව උත්සාහ කළොත් මෙම ප්‍රතිශතය 85 – 90 % ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නෙ, 10% - 15% ත් අතර සම්භාවිතාවක්  මද සරු බව සඳහා තිබෙනවා .කාන්තාවගේ වයස අවුරුදු 35ට වැඩි නම් මේ ප්‍රතිශතය 40% දක්වා වැඩි වෙන්න පුළුවන්. පිළිසිඳ ගැනීමක් සිදුවීමට නම් කාන්තාවගේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිවැරදිව සිදු විය යුතුයි. එවිට මසකට වරක් ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් නිකුත් වීම සිදුවනව. මේ පිටවෙන ඩිම්බය පැලෝපීය නාල දිගේ ගර්භාෂයට ගමන් කරනවා. මේ කාලය තුල දී ලිංගික එකතු වීමක් සිදු වුනොත්, පුරුෂයාගෙන් පිටවෙන ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල හරහා ගර්භාෂයට ගමන් කරනව. ඩිම්බය ශුක්‍රාණු සමග එකතු වීමෙන් තමයි කලලයක් ඇති වන්නෙ. මෙම එකතු වීම සිදු වන්නෙ පැලෝපීය නාලයක් තුල. ඉන් පසු කලලය ගර්භාෂය තුල තැන්පත් වී දරුවෙකු ලෙස වර්ධනය වෙනව. මදසරු බවට ප්‍රධානම ලෙස  හේතු කාරණා කීපයක් හදුනාගන්න පුළුවන්. ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නො වීම, පුරුෂයාගේ ශුක්‍රාණු වල ප්‍රමාණය හෝ ගුණාත්මක බව අඩු වීම, පැලෝපීය නාල වල අවහිරතා, ගර්භාෂය ඇතුළු ප්‍රජනක පද්ධතියේ අසාමාන්‍ය තාවයන්. නමුත් බහුතරයකට මේ කිසිම අසාමාන්‍ය තාවයක් නැතිවත් දරුවන් පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නෙ නෑ. මේ පිරිස 30%ක් විතර වෙනව. මදසරු බව සඳහා කරන වෛද්‍ය පරීක්ෂණ මුලින් වෛද්‍යවරයා ඔබගේ සායනික ඉතිහාසය ලබා ගෙන පරීක්ෂා කර බලනව. ඉන් පසුව සමහර විට  වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරනව. පුරුෂයාගේ ශුක්‍රාණු පරීක්ෂාව මේ අතරින් මුලින් ම කරන සරල පරීක්ෂණයක්. මෙහි දී ශුක්‍රාණු වල ප්‍රමාණය සහ ගුණාත්මක බවේ අඩුපාඩුවක් තිබේ නම් සොයා ගන්න පුළුවන්. කාන්තාවගේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂයේ අසාමාන්‍යතාවයක් තිබේ දැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා ගන්න පුඵවන්. ඊට අමතරව මාස් ශුද්ධියෙන් දින 10 ත් 11ත් අතර ස්කෑන් පරීක්ෂණයකින් සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදුවනවාදැයි තහවුරු කරගන්න පුළුවන්. මෙම මූලික පරීක්ෂණ වලට අමතරව වෛද්‍ය වරයා තීරණය කරන්න පුඵවන් වැඩි දුර පරීක්ෂණ කිහිපයක් තියෙනව. ලැපරොස්කොපි පරීක්ෂණය මගින් කාන්තාවගේ ඩිම්බ කෝෂ, නාල, ගර්භාෂය සහ අවට ප්‍රදේශයේ තිබෙන බොහෝ අසාමාන්‍ය තාවයන් සොයා ගන්න පුළුවන්. නමුත් මෙය ශල්‍යකර්මයක් නිසා මූලික පරීක්ෂණයක් ‍ලෙස සිදු කරන්නෙ නැහැ. මීට අමතරව හෝමෝන පරීක්ෂවන්, ජානමය රෝගී තත්වයන් සඳහා පරීක්ෂාවන් වගේ වැඩිදුර පරීක්ෂණ අවශ්‍යතාවය මත සිදුකරනව. ප්‍රතිකාර ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නොවේ නම් ඒ සඳහා ප්‍රතිකාර කරන්න පුළුවන්. එහි දී ස්කෑන් පරීක්ෂණ මගින් ප්‍රතිකාරයේ සාර්ථකත්වය දැන ගන්න හැකියාවක් තියෙනව. කාන්තාවට එන්ඩොමෙට්රියෝසිස් වැනි රෝගී තත්වයක් තිබෙනවනම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එයට ප්‍රතිකාර කරන්න පුළුවන්.  IUI (Intra Uterine Insemination) මෙමගින් කරන්නේ පුරුෂයාගෙන් ලබාගන්නා ශුක්‍රාණු රසායනාගාරය තුල සැකසීමෙන් පසුව කෙළින්ම ගර්භාෂය ඇතුළට ඉතා කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම. ඊට පෙර නියමිත දිනට ඩිම්බ පිටවීම සඳහා කාන්තාවට ප්‍රතිකාර කරනව. නියමිත පරිදි සිදු කරන IUI කිරීම ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. IVF (In Vitro Fertilization) IVF නැත්නම් නල දරුවන් සෑදීම ඉතාමත් ජනප්‍රිය වන ප්‍රතිකාර ක්‍රමයක්. මෙය දැනට රජයේ සෞඛ්‍ය සේවාව තුල ලබා ගත නො හැකි වුවත්, බොහෝ පුද්ගලික ආයතන මෙම සේවාව සපයනව. ප්‍රතිකාර කිරීමෙන් එකවර ඩිම්බ කිහිපයක් මේරීමට ලක් කර ඒවා  යෝනි මාර්ගය තුලින් අතුල් කරන කුඩා කටුවක් ආධාරයෙන් පිටතට ගැනීම සිදු කරනව. ඊට පසුව ඩිම්බ සමග ශුක්‍රාණු රසායනාගාරය තුල එකතු වීමට සලස්වා ඉන් හට ගන්නා කලලය සුදුසු අවස්ථාවේ ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරනු ලබනව. නිසි ප්‍රමාණයට ගුණාත්මක ශුක්‍රාණු ලබාගත නොහැකි පුරුෂයන්ගේ වෘෂණ කෝෂවල ශුක්‍රාණු ලබා ගෙන ICSI කියන ක්‍රමයට ඩිම්බ සංසේචනය වීමට සලස් වන්න පුළුවන්. මෙම ප්‍රතිකාර ක්‍රම මගින් බහුතරයක් මදසරු යුවල වලට දරු ඵල ලබා ගැනීමේ හැකියාව ලැබෙනව. ඔබට සුදුසු ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය වරයා විසින් ඔබ පරීක්ෂා කර තීරණය කළ යුතුයි. මේ සඳහා ඔබට උපදෙස් අවශ්‍ය සුදුසුකම් ලත් නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.  ..