ගැබ් ගෙල පිළිකාවක් මූලික ම අවස්ථාවේ හඳුනා ගැනීම මෙහි අරමුණයි. 90% ගැබ් ගෙල පිළිකා සැදෙන්නේ HPV නම් වෛරසය මගිනි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි.මෙම වෛරසය ජනගහනයේ 60% පමණ ව්‍යාප්තියක් ඇත. කෙසේ නමුදු වෛරසය ශරීර ගත වූ පමණින් ගැබ්ගෙල පිළිකා නොසැදේ. බොහෝවිට ශරීර ප්‍රතිශක්තිය මගින් එය ඉවත් කෙරේ. එහෙත් දුම්බීම ,නැවත නැවත වෛරසය ශරීර ගතවීම වැනි කාරණා නිසා වෛරසය මගින් පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාව වැඩිවේ.
පැප් පරීක්‍ෂණය මගින් ගැබ්ගෙල පිළිකාව මූලිකම අවස්ථාවේදී (Early cancer stage) හෝ පුර්ව පිළිකා අවස්ථාවේදී (Pre-cancer stage) හඳුනා ගත හැකි වේ. එයට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින්, පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකිය.
pap පරීක්ෂණය සිදු කිරීමට සුදුසු කාලය කුමක්ද?වෛරසය මගින් මුලින්ම ගැබ්ගෙල සෛල බෙදීමේ වේගය වැඩි කරයි.එය පිළිකා පූර්ව තත්වයක් (Pre-Cancer) ලෙස හැදින්වේ. ගැබ්ගෙල පුර්ව පිළිකා තත්වය මුලික පිළිකාවක් බවට පත්වීමට වසර 8ක පමණ කාලයක් ගතවේ. එමනිසා පළමූ ලිංගික සංසර්ගයේ සිට වසර 5 කින් පැප් පරීක්ෂණය සිදු කිරීමට වඩා යෝග්‍ය වේ.
විවිධ රටවල මධ්‍න්‍ය වයසක් මේ සදහා තීරණය කර ඇත. එය එංගලන්තයේ අවු 25 ලෙසත් ඕස්ට්‍රේලියාවේ අවු 20 ලෙසත්, ලංකාවේ අවු 30 ලෙසද හදුන්වා ඇතත් කාන්තාවකට ඕනෑම අවස්ථාවක පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක. පරීක්ෂණයේ ගැටළුවක් නැති නම් එය වසර තුනෙන් තුනට කිරීම ප්‍රමාණවත් වේ .
පැප් පරීක්ෂණය සිදුකරන ආකාරයමෙය යෝනි පරික්ෂාවකි. Spculum නමැති උපකරණය යෝනි මාර්ගය තුලට ඇතුලු කර ,ගැබ්ගෙල බුරුසුවකින් පිහිදා සෛල ලබාගනු ලැබේ .මේවා අන්වීක්ෂයෙන් පසුව පරික්ෂා කෙරේ. මෙම සෛල වර්ණ ගන්වන ක්‍රම (staining) දෙකකි. පැරණි පරීක්ෂණය Papanicolaou stain ලෙස හැදින්වේ. නවතම Liqiud base cytology ක්‍රමය වඩා නිරවද්‍ය වේ.
පැප් පරීක්ෂණයෙන් පසු සිදුවන්නේ කුමක් ද ?
SHARE THIS WITH FRIENDS ON