Skip to main content

ගැබ් ගෙල පිළිකාවක් කලින් හඳුනා ගන්න PAP SMEAR TEST (ගැබ් ගෙල ස්‍රාව පරීක්ෂාව)

Published Updated 2,995 views

ගැබ් ගෙල ස්‍රාව පරීක්ෂාව ඉතාමත් සරල පරීක්ෂණයක්. මේ මගින් කාන්තාවන්ට ගැබ් ගෙල පිළිකාවක් සෑදීමට අවදානමක් ඇතිදැයි කල්තියා හඳුනා ගන්න පුළුවන්.

ගැබ් ගෙල පිළිකා රෝග තත්වයට වසරකට ශ්‍රී ලංකාවෙ කාන්තාවන් 900 ක් පමන  ගොදුරු වන බව  හඳුනා ගෙන තිබෙනව. මෙය කලින් හඳුනා ගතහොත් සම්පූර්ණයෙන්ම වලක්වා ගත හැකි පිළිකාවක්. ගැබ් ගෙල ස්‍රාව පටල පරීක්ෂාව මගින් පිළිකාවක් සෑදීමට ඇති අවදානම වසර 15කට පමන පෙර වුවත් හඳුනා ගන්න පුළුවන්.

මෙම පරීක්ෂණය කිසිදු වේදනාවකින් තොරව සිදුකළ හැකි සරල පරීක්ෂණයක්. මෙහිදී යෝනි මාර්ගය හරහා ඇතුල් කරන ඉතා කුඩා උපකරනයක් ආධාරයෙන් ගැබ් ගෙල ස්‍රාව සාම්පලයක් ලබා ගෙන වැඩි දුර පරීක්ෂණ සඳහා රසායනාගාරයකට යොමු කරනවා. එම සාම්පලයේ ඇති සෛල අන්වීක්ෂයක් මගින් පරීක්ෂා කර ඔබේ ගැබ් ගෙලහි ඇති අසාමාන්‍ය තත්වයන් හඳුනා ගන්න පුළුවන්.

පරීක්ෂණ වාර්තාව සම්පූර්ණයෙන් ම සාමාන්‍ය නම් ඔබට අවුරුදු තුනක් යන තුරු ගැබ් ගෙල පිළිකාවක් ඇති වීමේ අවදානම ඉතාමත් ම අඩුයි. පරීක්ෂණ වාර්තාව අසාමාන්‍ය නම් නැවත පරීක්ෂණය සිදු කිරීම හෝ  වැඩි දුර පරීක්ෂණ සඳහා පහසුකම් ඇති රෝහලක් වෙත යොමු කිරීමට ඔබේ වෛද්‍ය වරයා කටයුතු කරනු ඇති.

දැන් ශ්‍රී ලංකාවෙ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම මේ පරීක්ෂණය නොමිලේ කර ගැනීමට පහසුකම් සලසා ඇති අතර  බොහො පුද්ගලික රෝහල් වලත් මේ පරීක්ෂණය සිදුකර ගන්න පුළුවන්.

pregnancy sri lanka

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න