Robotic Surgery හෙවත් රොබෝ යන්ත්‍රයක් සැත්කම් සඳහා උපකාර කර ගැනීම නවීනතම වෛද්‍ය ක්‍රමයකි. එය 2004 වර්ෂයේදී පමණ මුලින්ම ඇමරිකාවේ හඳුන්වාදුන් අතර මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතී. බ්‍රිතාන්‍යය , යුරෝපය පමණක් නොව චීනය,කොරියාව මෙන්ම ඉන්දියාවේද රොබෝ සැත්කම් සිදුකෙරේ.
නාරිවේදය (Gynaecology) රොබෝ සැත්කම් බහුලව භාවිතා වන අංගයකි.
ගර්භාෂය ඉවත් කිරීම, නාරිවේද පිලිකා වලදී ශ්‍රෝණියේ වසා ගැටිති ඉවත් කිරීම, දරුණු Enometriosis රෝග තත්වය සම්පුර්ණයෙන් ඉවත් කිරීම වැනි ඉතා අපහසු සැත්කම් මෙම ක්‍රමයට පහසුවෙන් සිදුකල හැකිය.
එමෙන්ම ගැබ් ගෙල පිලිකා වලදී මුලු ගර්භාෂයම ඉවත් නොකර පිළිකාව සුව කර යලි දරු පිළිසිඳ ගැනීමක් පවා සිදුවිය හැකි ආකාරයට ගැබ්ගෙල පමණක් ඉවත් කිරීම ( trachlectomy ) වැනි ඉතා අපහසු සැත්කම් සාර්ථකව කිරීමට මෙමගින් හැකිය.
ශල්‍යකර්මය සිදුවන ආකාරය
මුලින්ම නිර්වින්දනය කල රෝගියාට සාමාන්‍ය යතුරු සිදුරු ක්‍රමයට ( Key hole හෙවත් laparoscopy ) ශල්‍ය උපකරණ සහ කැමරාව සවිකරනු ලැබේ. සාමාන්‍ය ලැපරොස්කොපි ක්‍රමයේදී මෙම මෙවලම් වෛද්‍ය වරයාගේ අතින්ම ක්‍රියාත්මක වන අතර Robotic ක්‍රමයේදී එම උපකරණ වලට රොබෝ අත් සවි කෙරේ. ඉන් පසු ශල්‍ය වෛද්‍ය වරයා මෙහෙයුම් අංගනයේ වාඩිවී රොබෝ යන්ත්‍රය ඔහුගේ ඇත වලින් ක්‍රියාත්මක කරමින් සැත්කම කරයි.
Robotic ක්‍රමයේ වාසි
1. ස්ථුල හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය ( BMI ) 30 ට වැඩි රෝගීන්ගේ අපහසු ශල්‍යකර්ම ඉතා පහසුවෙන් කල හැකිවීම.
2. පිලිකා, endometriosis වැනි සංකීර්ණ සැත්කම් වල නිරවද්‍යතාවය ( precision ) වැඩිවීම.
3. ඉතා අඩු රුධිර වහනය.
4. සැත්කමින් පසු වේදනාව ඉතා අඩු වීම.
5. නිර්වින්දන ගැටලු අවම වීම.Robotic ක්‍රමයේ අවාසි
1. අධික මුලික මුල්‍ය පිරිවැය
2. සරල සැත්කම් සඳහා එතරම් වාසියක් නැතිවීම.
Robotic සැත්කම් සඳහා සම්පුර්ණ පුහුණුව ලැබූ වෛද්‍යවරු දැන් ලංකාවේ සිටී. කොළඹ ප්‍රධාන රජයේ රෝහලකට මෙම රොබෝ යන්ත්‍රයක් ලබා ගැනීමට මේවනවිට සැලසුම් කෙරෙමින් පවතී.
SHARE THIS WITH FRIENDS ON