නම: Ra*** | වයස: 23
ගැටළුව

Mama marry karala 2years wenawa.thama babala na.mage periods harima akkramawath.dimba merima sadaha beheth gaththath eya sarthaka une ek wathawai.anith awastha 3 kadima eya asarthakai.mage bade wathuragedi thinawa kiwwa.(pcos ).mata bigmet pethi meyata niyamakara.masa 3kata asanna kalayak eya biwwath aduwak wi nahe kiwwa.periods akkramawath wima pelopiya nala awahirayakda belimata ha mema gedi iwath kirimata laparoscopy test ekak karanna kiwwa.doctor mata pehedili karanna me thathwaya ha man dan kalayuthu de gena.mata bayai doctor.plz pilithurak labadenna godak pin.

පිළිතුර


ව්‍යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කර ගැනීම තමයි මෙයට හොඳම ප්‍රතිකාරය. ඉන් අනතුරුව ඖෂධ ප්‍රතිකාර මගින් ඩිම්බ මෝචනය උත්තේජනය කල හැකියි. බොහෝ දෙනෙක් ඖෂධ ප්‍රතිකාර වලට හොඳ ප්‍රතිචාරයක් දක්වනව. එසේ නැතිනම් පමණක් ලැපරොස්කොපි පරීක්ණයට යොමු විය හැකියි. මෙහිදී වතුර ගෙඩි ලෙස පෙනෙන්නේ නොමේරූ ඩිම්බ. එවා ලැපරොස්කොපි මගින් ඉවත් කල නොහැකියි. ඩිම්බ කෝෂයේ කුඩා සිදුරු කිහිපයක් ඇති කිරීම තමයි ලැපරොස්කොපි ශල්‍යකර්මයේදී සිදු කරන්නේ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)