නම: Di*** | වයස: 27
ගැටළුව

Dr mage palaweni baba labenna innakota mata fibroid ekak(15cm wishalai) tiyena bawa danagatta. Baba labila masa dekai danata.masa 6n eka ain karaganna kiwwa.mata danaganna one operation ekak nokara fibroid adu kara ganime hakiyawak tiyenawada? Operation ekak kala pasu newatha babek hedimedi prashnayak athi weida?

පිළිතුර


ශල්‍යකර්මයකින් තොරව ෆයිබ්‍රොයිඩ් සඳහා කල හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනව.
උදා. 1. හෝමෝන ඖෂධ නික්ෂේපන මගින් හැකිලීමට ලක්කිරීම. (GnRH analogues )
2. ගෙඩියට රුධිරය සපයන රුධිර වාහිනී අවහිර කිරීම. (Fibroid embolization)
නමුත් 15cmක fibroid ගෙඩියක් සඳහා නම් වඩාත් සුදුසු වන්නේ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමයි. ශල්‍යකර්මයේදී අධික රුධිර වහනයක් ඇති වුවහොත් කලාතුරකින් එම අවස්ථාවේදීම ගර්භාෂය ඉවත් කිරීමට සිදුවෙනව. මෙම ශල්‍යකර්මයෙන් පසුව ගැබ් ගැනීමෙන් පසුව යම් සංකූලතා ඇතිවිය හැකි නිසා විශේෂඥ වෛද්‍ය සායනයකට දිගටම සහභාගී වීම අත්‍යාවශ්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)