සැත්කමක් නැතුව ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් අඩු කරගන්න පුළුවන්ද?
Can a fibroid be shrunk without an operation?
Dr mage palaweni baba labenna innakota mata fibroid ekak(15cm wishalai) tiyena bawa danagatta. Baba labila masa dekai danata.masa 6n eka ain karaganna kiwwa.mata danaganna one operation ekak nokara fibroid adu kara ganime hakiyawak tiyenawada? Operation ekak kala pasu newatha babek hedimedi prashnayak athi weida?
ශල්‍යකර්මයකින් තොරව ෆයිබ්‍රොයිඩ් සඳහා කල හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනව.
උදා. 1. හෝමෝන ඖෂධ නික්ෂේපන මගින් හැකිලීමට ලක්කිරීම. (GnRH analogues )
2. ගෙඩියට රුධිරය සපයන රුධිර වාහිනී අවහිර කිරීම. (Fibroid embolization)
නමුත් 15cmක fibroid ගෙඩියක් සඳහා නම් වඩාත් සුදුසු වන්නේ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමයි. ශල්‍යකර්මයේදී අධික රුධිර වහනයක් ඇති වුවහොත් කලාතුරකින් එම අවස්ථාවේදීම ගර්භාෂය ඉවත් කිරීමට සිදුවෙනව. මෙම ශල්‍යකර්මයෙන් පසුව ගැබ් ගැනීමෙන් පසුව යම් සංකූලතා ඇතිවිය හැකි නිසා විශේෂඥ වෛද්‍ය සායනයකට දිගටම සහභාගී වීම අත්‍යාවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?