Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mata last menses hadune 23/sep wala.urine positive nisa november 04 vog dr kenek lagata giyama sati 6 wenawa kiyala scan kara.namuth scan eke mage grabashaye babek innawa penne naha kiwwa.vog dr kiwwa beta hcg blood eka check ksrala paya 72k thula thawath blood ekak karanna kiyala.palaweni report ekedi pennuwe mata thama 4-5week wage wenne kiyala.ane dr mats dana ganna puluwanda sati 4 5thuladi baba scan ekata pennum karanne nadda kiyala.nathnam baba pits pihita adda kiysla.mama godak bayen inne dr.ikman pilithurak bslaporoththu wemi.

අසන ලද්දේ: D.*** · වයස 29 · 542 views

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයේ නිවැරදි බවට බලපාන හේතු ගොඩක් තිබෙනව. භාවිතා කරන ස්කෑන් යන්ත්‍රය සහ එහි තාක්ෂණික ස්වභාවය, ස්කෑන් කරන වෛද්‍ය වරයාගේ පලපුරුද්ද, දරු පිළිසිඳ ගැනීමේ සිට සති ගනන වැනි හේතු නිසා දරු ගැබ පෙනීම සමහර විට ප්‍රමාද වෙන්න පුළුවන්. කලාතුරකින් ගර්භාෂයෙන් පිට දරුගැබ පිහිටි අවස්ථා වලදීත් මෙසේ වීමට ඉඩ තිබෙනව. නිවැරදි හේතුව දැන ගත හැකි වෙන්නේ නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් පමණයි.