නම: Ni*** | වයස: 33
ගැටළුව

Sir api awrudu2k pamana daruwek bala poroththuwen hitiya.namuth me wana thuruth hari giye ne.vog docter kiwe mt pocs thiyanawa kiyala a sadaha mt metformin dunna.a samaga clomofin tablets dunna.namuth clomofin gaththata passe mt periods une ne.eta kalin mt dinetama piriods una.mage husbandgeth sperum check kalama motility problems thiyanawa kiwa. 1.rapid-linear -26 2.slow linear-08 3.non progressive-42 4.immotile-24.. Viability 76%.thiyanawa.me siyalu karunu ida apita daruwek laba genimata kopamana kal yawida.pls sir api me sadaha kumak kala yuthuda.leperscopyak magin me sadaha wisadum gatha hekida.e sadaha kopamana mudalak weya weida?

පිළිතුර


ඔසප්වීම අක්‍රමවත් වීම ඔබ ලබා ගත් ඖෂධ වලට සම්බන්ධ නැති වුනත් තත්වය නිසා මෙසේ වීමට ඉඩ තිබෙනව. ඖෂධ ප්‍රතිකාර අසාර්ථක නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් සිදුකල හැකි අතර එහිදී පැලෝපීය නාලවල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමටත් හැකියාව ලැබෙනව.
මේ සඳහා යන වියදම ඔබ තෝරාගන්න රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ඒ ගැන එම ආයතනයෙන් අසා දැන ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)