Skip to main content
ප්‍රශ්නය

සති 5 ස්කෑන් එකේ බබා පෙනුණේ නැත්නම් ගබ්සා වෙනවද?

No baby seen on a 5-week scan: does it mean a miscarriage?

Mata denata Sathi 6k wenawa... Sathi 5n scan kala.. babek penna nehe kiuwa.. vageston 200mg tablet eka dunna bonna.. Sathi 2kin aya Enna kiyala.. den auruddakata witara Kali miscarriage ekak una.. e kale bleed una mata.. me sareth ehemai weida doctor.. hbei tawama bleed wimak nam nehe..

අසන ලද්දේ: Ni*** · වයස 28

සති 5දී ස්කෑන් පරීක්ෂණයෙන් කලලය නොපෙනීම සාමාන්‍ය තත්වයක්. හෘද ස්පන්දනය පෙනෙන්නේ සති 6න් පසුවයි. ඒ නිසා සති දෙකකින් කරන ස්කෑන් පරීක්ෂණයෙන් තමයි මේ ගැන නිවැරදිව දැන ගන්න පුළුවන් වෙන්නේ. කලින් එක් ගබ්සාවක් සිදු වීම නිසා මෙවර ගබ්සා වීමේ අවදානම වැඩි වෙන්නෙ නැහැ. තද බඩේ වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.