Skip to main content
ප්‍රශ්නය

දරුවන් ඕන නැත්නම් ෆයිබ්‍රොයිඩ් වලට ගර්භාෂය අයින් කරන්න හොඳද?

Is a hysterectomy wise for fibroids if I want no children?

ඩොක්ටර් මම විවාහ වෙලා නෑ. වයස 35. විවාහ වීමට අදහසක් ද නැ. මගේ ගර්භාශේ 3.6 cm , 2.8 cm ෆයිබ්‍රොයිඩ් ගෙඩි 2 ක් සහ තව පොඩි පොඩි ෆයිබ්‍රොයිඩ් ගෙඩි කීපයක් තැනින් තැන තියෙනවා කීවා ස්කෑන් පරීක්ෂණ යෙන්. මා විවාහ වීමට බලාපොරොත්තුවක් නැති නිසාත් ෆයිබ්‍රොයිඩ් පමනක් ඉවත් කලහොත් එය නැවත ඇති විය හැකි නිසාත් නැවත ගෙඩි ඇති වුවහොත් නැවත නැවත ඔපරේශන් කරන්න සිදු වන නිසාත් ඩිම්භකෝශ ඉතිරි කොට සම්පුර්ණ ගර්භාශයම ඉවත් කිරීමේ ශල්‍යකර්මය කිරීම සුදුසුද? එසේ කරන්න පුළුවන් ද? මා පරීක්ෂා කල ඩොක්ටර් නම් කියන්නේ ගෙඩි පමනක් ඉවත් කරන්න කියා. නැවත ඇති වේ යැයි සිතා මා තීරණය කලා සම්පුර්ණ ගර්භාශයම ඉවත් කරන්න . එය සුදුසු ද? එසේ නම් එය කල හැක්කේ කුමන රෝහලකදීද?

අසන ලද්දේ: N.*** · වයස 35

මෙම ප්‍රමාණයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා රෝග ලක්ෂණ නැති නම් කිසිම සැත්කමක් අවශ්‍ය නැහැ. අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණ ඇති නම් පමණයි සැත්කමක් සලකා බලන්නෙ. දරුවන් අපේක්ෂා නොකරන කාන්තාවකට ඩිම්බ කෝෂ ඉතිරි කර ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීම කල හැකි ප්‍රතිකාරයක්. නමුත් එය ඔබ පරීක්ෂා කල වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර තීරණය කල යුතු දෙයක්.